මං කවදාවත් කාටවත් මං වගේ වෙන්න කියලා නෑ. අපි හැමෝගෙම කතා වෙනස්. අනන්‍යයි. කර්මය අනුව විසඳෙනවා

ජනප්‍රිය රංගන ශිල්පිනි මාධවී වත්සලා ඇන්තනී කියන්නෙ, සිය ජීවිතය තුළ නේක වූ හැලහැප්පීම් මැද ඉස්සරහට ආව තාරකාවක්.

ඒ ගැන ඈ ප්‍රසිද්ධියේ අදහස් දක්වනවා සේම, වර්තමාන කතාව ලස්සනට ගෙතෙන්න අතීතයෙන් උගත් පාඩම් ගැනත් කතා කරනවා.

කාලයක් ඇයට එල්ල වුණු විවේචන දැන් දැන් මල් වැස්සක් වී ඇති හැඩයි.

ඊට ලොකුම හේතුව කසුන් – කෛලාෂ්, අප්පච්චියි – පුතු පැටියයි බැව් නොරහසක්.

එහෙම, පුතාගෙ ආගමනයත් එක්ක ලැබෙන ප්‍රතිචාර වෙනස් වුණු හැටි ගැන මාධවී කියන කතාවයි මේ…

”ගොඩාක් ආදරනීය ප්‍රතිචාර ලැබෙනවා. මගෙ පුතාට රට පුරාම නෑදෑයෝ වගේ. මගෙ පුතා හුඟක් වාසනාවන්තයි ඒ තරම් පොදුජන ආදරේ ලබන්න. විශේෂයෙන්ම ස්ත්‍රී පාර්ශවය මට දිරි දෙන සුබ පතන අවස්තා සුලභයි. අවංකව මං ගැන ඔවුන් සතුටු වෙනවා.

සුළුතරයක් ගැහැණු අයට සහ සමහරක් පිරිමි අයට මං එක්කලා මොකක්දෝ කුකුසක් තියෙන බව පේනවා. කසුන්ටත් බනිනවා මට ජීවිතේ දුන්නට.

මම එයාලව පුද්ගලිකව දන්නෙත් නෑ. හැබැයි දේශපාලන අරමුණු තකා මගෙ අප්පච්චිට අපහාස කරන්න මාව පාවිච්චි කරලා නිර්මාණය කරලා පතුරපු බොරු කටකතා ලේබල් වලට අදාළ පින්තූර පළ කරමින් හිරිකිත මඩ ව්‍යාපාරයකට එයාලා කැමැත්තෙන් දායක වෙනවා.

මං හිතන්නෙ එයාලා තැතිගැන්මෙන් ඇත්තෙ එයාලා නරක විදිහට සලකන කාන්තාවෝත් මං වගේ සමාජයට නොබියව කෙලින් එයාලට විරුද්ධව තීරණ ගනියි කියලා.

එයාලට අනුව මං එයාලගෙ කාන්තාවන්ට නරක ආදර්ශයක් වෙන්නැති. මං කවදාවත් කාටවත් මං වගේ වෙන්න කියලා කියලා නෑ. අපි හැමෝගෙම කතා වෙනස්. අනන්‍යයි. කර්මය අනුව විසඳෙනවා.

ඉතිං අද මට වුනු දේ හෙට ඔබට ඔබේ ලඟම කෙනෙකුට වෙන්න පුලුවන්. ජීවිතේ කෙටි චාරිකාවක්. ඒක සැනසීමෙන් විඳලා තව කෙනෙකුට සිනහවකට හේතු වෙලා යනවා මිසක් නරක ප්‍රතිපල එකතු කරගන්නෙ මොකටද නේද?”

උපුටාගැනීම : රසඳුන | නාමලී ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top