එදා වහන්න ගිය පාඩු ලබපු ත්‍රිපෝෂ සමාගමෙන් අද අලුත් ලස්සන වැඩක්

ත්‍රිපෝෂ සමාගමෙන් විවිධ රස සමගින් පෝෂදායි රසවත් ත්‍රිපෝෂ කප්කේක් (cup cake) නිෂ්පාදනයක් හදුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපති අමල් නිරෝෂණ අත්තනායක කියා සිටියේ, චොකලට්, කෙසෙල්, වැනිලා, ස්ටෝබරි සහ අඹ රසැති ත්‍රිපෝෂ කප්කේක් මේ අනුව නිෂ්පාදනය කෙරෙන බවයි.

මෙරට පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමට රජය ආරම්භ කර ඇති ආයතන ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම මේවන විට යළිත් සාර්ථක ආරම්භයක් ලබා ගෙන තිබෙනවා. ඒ අනුව කර්මාන්තශාලාවේ නැවතී තිබුණු මැෂින් නැවත පැය 24ම වැඩ කරන තත්වයකට පත්ව ඇති බව පවසන සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ සිය ආයතනය රටටම ත්‍රිපෝෂ බෙදා හැරීමට සූදානම් බවයි.
සමාගමේ ජාඇල ප්‍රධාන කාර්‍යාලය අසළ පිහිටි නිෂ්පාදන අලෙවිසැලෙන් (outlet) ඒවා මිලදී ගැනීමට පාරිභෝගියාට අවස්ථාව උදාවන බව සභාපති අමල් නිරෝෂණ අත්තනායක කියා සිටිනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top