රෝගීන්ගේ ජීවිත බිල්ලට තබා ජාතික රෝහලේ දූෂිතයන් පිරිසක් විමර්ශනයකින් බේරෙන්න මෙහෙයුමක

ජාතික රෝහලේ MRI යන්ත්‍ර 4න් දෙකක් බිඳ වැටී රොහලේ ජාලගත කිරීමේ පද්ධතියත් ක්‍රියාවිරහිතව ඇති තත්ත්වය තුළ මේ වනවට එම පද්ධතිය ස්ථාපිත කිරීමේ දී සිදුවී ඇති දූෂණ අක්‍රමිකතා පිළිබඳ දියත්වී ඇති විමර්ශනය යටපත් කිරීමේ අභිලාෂයෙන් රෝහල තුළ සිදුකළ හැකි MRI ස්කෑන් පරීක්ෂණත් අඩාල කිරීමේ දැනුම්වත් කුමන්ත්‍රණයක් දියත් වී ඇති බව ජාතික රෝහලේ විශ්වාසකටයුතු ආරංචි මාර්ග පවසයි.
විමර්ශන ක්‍රියාවලිය හේතුවෙන් මෙම ජාලගත පද්ධතිය ස්ථාපිත කළ සමාගමට ගෙවිය යුතු ඩොලර් මිලියන 03ක මුදල ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශවයෙන් වැලකී යෑම නිසා අදාල සමාගම ජාලය අක්‍රීය කිරීමට කටයුතු කර තිබේ.

දැනට සිදුකරන විමර්ශනයන්වලින් මෙම ජාලය ස්ථාපිත කිරීමේදී වංචාවන් සහ දූෂණයන් සිදුකළ නිලධාරින් විශාල පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සහ ජාතික රෝහල තුළ සිටින බව අනාවරණය වෙමින් ඇති පරිසරයක අර්බුදයක් ඇති කර අදාල සමාගමට ගෙවිය යුතු ඩොලර් මිලියන 3ක මුදල ගෙවා නැවත මෙම ජාලය ක්‍රියාත්මක කරවා ගැනීමට උත්සාහ කරන විශේඥ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් කළ හැකි ස්කෑන් පරීක්ෂණ ප්‍රමාද කිරීම නිසා ඇති වී තිබෙන අර්බුදය උග්‍ර වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම තත්ත්වය තුළ වෛද්‍යවරුන් කීපදෙනෙකු විසින් MRI පරික්ෂණයන්ට දින ලබා දී ඇති රෝගීන්වද නැවත හරවා යැවීමට කටයුතු කර ඇති බව නිරීක්ෂණය වී ඇත.

ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකෙයකු ලංකාසර වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ජාලගත පද්ධතිය ස්ථාපිත කිරිමට පෙර පැවති ක්‍රමවේදය වන ඡායාරූපගත කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පැවතියද එම ක්‍රමයට නැවතත් යාමට නොහැකි බව විශේෂඥවරුන් ප්‍රකාශ කර ඇති බවය.

මේ තත්ත්වය උලුප්පා පෙන්වමින් MRI පරික්ෂණයන් ජාතික රෝහලේ සීමා කරන මෙම විශේෂඥ වෛද්‍යවරුන් පෞද්ගලික රෝහල් තුළ මෙම ඡයාරූපගත කිරීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් MRI පරික්ෂණයන් සිදුකරන බවද එම ප්‍රකාශකයා පැහැදිලි කළේය.

දූෂිතයින් කණඩායමක් විසින් රෝගීන්ගේ ජීවිත බිල්ලට තබමින් දියත් කර ඇති මෙම ව්‍යසනකාරී තත්ත්වය තුළ අන්ත අසරණ වී ඇති රෝගීන්ට විකල්ප ලෙස පුද්ගලික රෝහල් වෙත යොමුවන්නට සිදුවී ඇති බවත් පෞද්ගලික අංශයෙන් MRI පරික්ෂණයක් කර ගැනීමට විශාල මුදලක් වැයවන පසුබිමක අසරණ රෝගීන් මහත් අසීරුතාවන්ට පත්ව ඇති බවත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top