සංචාරක කර්මාන්තය ගොඩගන්න ඉන්දියාවේ සුපිරි නළු නිලියෝ එකතු කරන ආණ්ඩුව කරන්න යන වැඩේ මෙන්න

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පසුගියදා ජනප්‍රිය ඉන්දීය නළුවෙකු සහ නිෂ්පාදකයෙකු වන රවී මෝහන් සහ ගායිකා කෙනිෂා ෆ්‍රැන්සිස් හමුවූණා.

ඒ ජාතික චිත්‍රපට සංස්ථාවේදීයි.

මෙහිදී ශ්‍රී ලංකාව තුළ චිත්‍රපට සංචාරක ව්‍යාපාරය නංවාලීම අරමුණු කර ගෙන කරුණු රැසක් සාකච්ඡාවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන සහ ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතිය ප්‍රවර්ධනය කරන චිත්‍රපට නිෂ්පාදනය ගැන මෙන්ම සංගීත ප්‍රසංග ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී අවධානයට ලක් වී තිබෙනවා.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තිබෙන සිත් ඇදගන්නා සුළු ස්ථාන වෙත ආකර්ශනීය කතා සහ විදෙස් නිෂ්පාදන වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වූණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top