රඳවාගෙන සිටින BYD වාහන 991ක් මුදා හරින්න රේගුවේ එකඟතාවය

මේ වනවිට ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන සිටින BYD වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා  (අගෝ. 7) අභියාචනාධිකරණය හමුවේ එකඟතාව පළ කර ඇත.

මෙම එකගතාවය පළ කර ඇත්තේ, අදාළ වාහන රඳවා ගැනීමට එරෙහිව ජෝන් කීල්ස් සී. ජී. සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය.

ඒ අනුව, අදාළ වාහනවල බදු අතර පවතින පරතරය ලෙස ගණනය කර තිබෙන රුපියල් බිලියන 3.6කට ආසන්න මුදල රාජ්‍ය බැංකුවක ඇපකරයක් වශයෙන් ඉදිරිපත් කළ යුතු බවත් එම ඇපකරය සඳහා අදාළ වන පොළිය පෙත්සම්කාර සමාගම විසින් ගෙවීමට එකඟ විය යුතු බවත් එම කොන්දේසිවල සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top