දිනසේන රතුගමගේ –
මන්නාරම රෝහලේදී දරු ප්‍රසූතියකින් පසුව මියගිය උපාධීධාරිණියගේ මරණය සම්බන්ධයෙන් සේවයෙන් පහ කොට සිටි වෛද්‍යවරයා ඇතුලු තුන් දෙනෙකු ඊයේ ( 9 ) මන්නාරම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
2024 ජූලි මස 28 වෙනිදා මන්නාරම මුරුන්කන් ප්‍රදේශයේ පදිංචි උපාධිධාරී කාන්තාවක් වූ මරියරාජ් සින්දුජා නැමති කාන්තාව දරු ප්‍රසූතියක් සඳහා රෝහල් ගත කිරීමෙන් පසුව අධික ලෙස රුධිරය වහනය වීමෙන් මියයන ලදී.
ඒ අවස්ථාවේදී මියගිය කාන්තවගේ ඥාතීන් වෛද්‍යවරයාට හා කාර්ය මණ්ඩලයට රෝගියාට අසාධ්‍ය බව ප්‍රකාශ කළද ඔවුන් ඒ වෙනුවෙන් ක්‍රියා නොකිරීමට එරෙහිව පැවැත් වූ පරීක්ෂණවලදී මන්නාරම රෝහලේ එම වෛද්‍යවරයා ඇතුලුව හය දෙනෙකු වරදකරුවන් වීම හේතුවෙන් සේවයෙන් නෙරපා හැර තිබුණි.
මියගිය කාන්තාවගේ ස්වාමියා විසීන් මේ සම්බන්ධයෙන් මන්නාරම අධිකරණයේ ගොණු කොට තිබූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදී සිද්ධියට සම්බන්ධ වරදකරුවන් තුන් දෙනෙකු අත් අඩංගුවට ගැනීම පිණිස නියෝග ලැබී තිබේ.
මරණයට සෘජුවම සම්බන්ධ වෛද්‍යවරයා ඇතුලු තුන් දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලෙස මන්නාර දිසා විනිසුරුවරයා විසින් නියෝග කිරීමෙන් පසුව පොලීසිය ඔවුන්ව අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරණු ලැබීය.
