O/L කරපු පාසලේම A/L කරන්න නම්, මේවා අනිවාර්යයයි

මේ කියන්න යන්නේ නම්, අමුතුම විදිහේ කොන්දේසි ටිකක් ගැන.

විදුහල්පතිවරුන්ට හා සිසුන්ට කලාප අධ්‍යාපන කාර්යාල විසින් උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සඳහා දැඩි කොන්දේසි පනවා ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන්, මේ වනවිට ඔවුන් විවිධ ගැටළු වලට මුහුණ පා ඇති බවද සඳහන්.

එම කොන්දේසි වලට අනුව, එක් විෂය ධාරාවක් සඳහා අවම වශයෙන් සිසුන් පහළොවක් පන්තියක (15) සිටිය යුතු වනවා.

එසේ සිසුන් 15ක් එක් විෂය ධාරාවක් සදහා නොමැතිනම් අදාළ පන්ති කටයුතු ආරම්භ කළ නොහැකි බවද සඳහන් වනවා.

එවැනි අවස්ථාවකදී එම සිසුන්ව වෙනත් පාසල් වෙත යොමු කළ යුතු අතර, මෙම තත්ත්වය සිසුන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පාසලේම උසස් පෙළ අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන අවස්ථා සඳහා ද අදාළ වන බව පැවසෙන්නේ.

විශේෂයෙන්ම, ගණිත විෂය අසමත් වී, තමන් අධ්‍යාපනය ලැබූ පාසලෙන්ම කලා විෂය ධාරාව හැදෑරීමට අපේක්ෂා කරන සිසුන්ට ද මෙම කොන්දේසි නිසා දැඩි බලපෑමක් ඇති කළ හැකි බවත් පෙනී යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top