එය මේ මිහිතලයේ හුස්ම ගන්න සෑම ජීවී ඛාණ්ඩයටකටම පොදු වූවක්. මේ කියන්න යන්නේත් අන්න ඒ බැඳීම ගැන ඇසෙන තවත් අපූරු කතාවක්.
ඇගේ මාස 18 ක පමණ අලි පැටවා ද ඇය අසළම ගැවසෙමින් සිටිනවා.
සිය මව පත්ව ඇති තත්ත්වය නොතේරෙන අලි පැටවා ඇයගෙන් කිරි උරා බීමට උත්සාහ දැරීම, බොහෝ දෙනා සංවේදී වූ දසුනක් වුණා.
කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් මෙම කෙනර පත්ව ඇති තත්වය පිළිබඳ වනජීවී නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව කෙනෙරට ප්‍රතිකාර කිරීම සඳහා පැමිණි අනුරාධපුර පණ්ඩුලගම වනජීවි පශුවෛද්‍ය උදේශිකා මදුවන්ති මෙනවිය ඇතුලු කණ්ඩායම ප්‍රතිකාර කටයුතු සඳහා සූදානම් වුවද අලි පැටවාගේ නොසන්සුන් භාවය ඊට ගැටලුවක් වුණා.
ඒ අනුව කෙනෙරට ප්‍රතිකාර කිරීමට සිදු වූයේ පැටවා නිර්වින්දනය කිරීමෙන් අනතුරුවයි.
පසුව කෙනෙරට ප්‍රතිකාර සිදුකල අතර වෛද්‍යවරිය පැවසූවේ කෙනෙරගේ දකුණු පාදයේ අස්ථි බිදීමක් සිදුව ඇති බැවින් දිගු දුරක් ඇවිදීමට නොහැකි වීම නිසා, අවශ්‍ය තරමේ ආහාර නොලැබීම මෙම තත්ත්වයට හේතුව බවයි.
පසුව, අලි පැටවාගේද ආරක්ෂාව හා සෞඛ්‍ය තත්වය පිළිබඳව සලකා බලා අලි පැටවා අනුරාධපුර පණ්ඩුලගම පශුවෛද්‍ය කාර්යාලය වෙත රැගෙන යාමට වනජීවි නිළදාරීන් කටයුතු කළා.
එම අවස්ථාවේදීත් එම ස්ථානයේ සිටි පිරිස සංවේදී වුණේ මව ගෙන් සමුගැනීමට සිදුවූ අලි පැටවාගේ වේදනාබර හඬනැගීමත් සමගයි.
