අපේ රටේ ‘තේ’ ජපානයේදී ගිනස් වාර්තාවක් තබපු හැටි.

ශ්‍රී ලංකාවේ ‘තේ’ වල ගෝලීය කීර්තිය තවත් ඉහළ නංවමින්, නිව් විතානකන්ද සිලෝන් කළු තේ (New Vithanakande Ceylon Black Tea – FFExSp), ලොව මෙතෙක් අලෙවි වූ වඩාත්ම මිල අධික තේ ලෙස ගිනස් ලෝක වාර්තා (Guinness World Records) අතරට එක් වී තිබෙනවා.
ජපානයේ පැවති වෙන්දේසියකදී මෙම වර්ගයේ තේ කිලෝග්‍රෑම් එකක් සඳහා ඉහළ මිලක් හිමිව තිබෙනවා.
මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිව් විතානකන්ද තේ කර්මාන්තශාලාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී පුබුදු ගුණසේකර සඳහන් කළේ, “මෙය නිව් විතානකන්දට පමණක් ලැබුණු ජයග්‍රහණයක් නොව, සිලෝන් තේවල අසමසම ගුණාත්මක භාවය, උරුමය සහ ශිල්පීය හැකියාව පිළිබඳ ගෝලීය අවධානය යොමු කිරීමක්” ලෙසයි.
මෙම ඇදහිය නොහැකි ජයග්‍රහණය පිටුපස සිටි සෑම දෙනාටම හෘදයාංගම සුබ පැතුම්. මෙය ශ්‍රී ලංකාවට අභිමානය ගෙන දුන් අවස්ථාවක් වන අතර, අපගේ දේශීය විශිෂ්ටත්වය ලෝක මට්ටමේ පිළිගැනීමක් ලබා ගත හැකි බවට මතක් කිරීමක්” බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top