රියදුරු බලපත්‍රය අලුත් කිරීමට වේරහැර යෑම අවශ්‍ය නෑ නුගේගොඩින් විනාඩි 7 න්

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී මින් ඉදිරියට වේරහැර මෝටර් රථ ප්‍රවාහන කාර්යාලය වෙත පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඒ, අදාළ තාවකාලික බලපත්‍රය නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක් නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති බැවිනි.මෙම නව ක්‍රමය යටතේ අයදුම්කරුවෙකුට මිනිත්තු 7යි තත්පර 47ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ සිය තාවකාලික රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දැනට නුගේගොඩ ප්‍රදේශයෙන් ආරම්භ කර ඇති මෙම සේවාව, මෙම වසර අවසන් වීමට ප්‍රථම දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top