ගාල්ල බන්ධනාගාරයේ හදිසි ගින්නක්.

මේ කියන්න යන්නේ නොසිතූ මොහොතක සිදුවුණු තවත් එක් සිද්ධියක් ගැන ඇසෙන කතාවක්.
ගාල්ල බන්ධනාගාරයේ ආපනශාලාවේ ගින්නක් හටගෙන තිබෙනවා.
එම ගින්න නිවීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි අප කළ විමසීමක දී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මෙම ගින්න පාලනය කිරීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ 2ක් පිටත්කර යවා ඇති බව වාර්තා වෙනවා
එසේම ගිනි ගැනීමේ සිද්ධිය වාර්තාවීමත් සමග ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ගේ ඥාතීන් ද බන්ධනාගාර පරිශ්‍රය අසලට රැස්වී ඇති බවයි වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top