“පළමු වතාවට අද එයා කෝල් කළෙත් නැහැ. මට ගන්න විදියකුත් නැහැ.” කිසිදා හදව‍තින් ඈත් නොවෙන ඇයගේ නොසිඳෙන ආදරය ළඟ පූර්ණ සංවේදී වෙමින් එක්කළ සටහන මෙන්න.

පුතෙකුට අම්මාගේ ආදරය කියන්නේ තදින්ම දැනෙන දෙයක්.

එය අහිමි වුණොත්, එතනින් එහාට ඔවුන්ගේ ජීවිත එළිය කරන්නේ කවුද..? මේ අන්න ඒ වගේ තවත් එක් කතාවක්.. 

ඔහුට තවමත් ඇය නැති අඩුව දරාගන්න බැරි දුකක් පසුතැවීමක් එක්කරන කාරණාවක් වෙලා. පූර්ණ ද අල්විස්..

මේ ඔහු මුහුණු පොතට එක්කළ ඒ සංවේදී සටහන මොකක්ද..? මීට ටික කලකට ඉහතදී ඔහුගෙන් වෙන්වුණු ආදරණීය මවගේ උපන්දිනය දවස ගැනයි ඔහු මේ මතක්කරන්නේ.

ඒත් වෙනදා වගේ ආදරයෙන් සුබ පතන්න අද ඔහු ළඟ ආදරණිය අම්මා නම් නැහැ.. මේ ඒ ගැන පූර්ණ තැබූ සංවේදී සටහනක්..

“ඔක්තෝබර් පලවෙනිදා මම ලෝකෙ කොහේ හිටියත් සාමාන්‍යයෙන් අම්මගෙ කෝල්ස් ආන්ස්වර් කරන්නෙ නැහැ. ඒ ඔක්තෝබර් දෙවෙනිදා අම්මගෙ උපන්දිනේට විශ් කරන්න මහ රෑ ඇහැරවල වද දෙන කෝල් එක දෙන්න ඕනි නිසා… එතකොට තමයි එයා බනින්නේ “බොට මම මලා කියල කෝල් කලත් ඔච්චරයි” කියල……………
ඒත්… අම්මගෙත් මගෙත් ජීවිතේ පලමු වතාවට අද එයා කෝල් කලෙත් නැහැ. මට ගන්න විදියකුත් නැහැ. තාත්තා එයාගෙ ප්‍රාණ ආදරේ මගේ අම්මව අරං ගිහින්…..
ඉතිං අවුරුදු 37කට පස්සෙ ඔන්න ඔයාලා දෙන්නම එකට ඉන්න ලෝකෙ ඉදන් සතුටින් ඉන්න පතමින් අම්මට සුබ උපන්දිනක් කියල ආදරෙන් සුබ පතනවා…..
ආදරෙයි මගේ රත්තරං අම්මා……………….
මීට පුතු,
පූර්ණ සම්පත් ප්‍රේමකීර්ති ද අල්විස්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top