හොරණ, මොරගහහේන මාර්ගයේ කනන්විල පන්සල අසල වංගුවේදී අද දහවල් යතුරුපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇති බව හොරණ පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ මොරගහහේන, බෙරුකැටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 සහ 24 යන වයස්වල පසුවූ අඹුසැමි යුවළක්.
අද දහවල් 11.20ට පමණ හොරණ – මොරගහහේන ප්‍රධාන මාර්ගයේ මොරගහහේන දෙස සිට හොරණ දෙසට ගමන් කළ ලොරි රථයක් සහ හොරණ සිට මොරගහහේන දෙසට ගමන් කළ යතුරුපැදියක් මෙලෙස අනතුරට පත්ව තිබුණා.
වේගය පාලනය කර ගැනීමට නොහැකිව යතුරුපැදිය පෙරළී ගොස් නිවැරදි මංතීරුවේ පැමිණි ලොරි රථයේ ගැටීී ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
පසුව ප්‍රදේශවාසීන් එක්ව බරපතල තත්ත්වයේ සිටි යුවළ රෝහල්ගතකර තිබුණා.
රෝහල්ගත කළ ඔවුන් දෙදෙනාම මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
