බුලත් මිල ඉහළට – බුලත් අතක් 480යි – බුලත් විටක් 80යි

දේශීය වෙළදපොලේ බුලත් මිල අධික ලෙස ඉහළ යෑම හමුවේ තම වෙළදාම් කටයුතු අඩාල වි ඇති බව හැටන් ප්‍රදේශයේ බුලත් පුවක් වෙළදසැල්වල හිමිකරුවන් කියා සිටියි.

පීදුණු බුලත් කොළයක් රු.12කටත්, රැහැන් බුලත් කොළයක් රු.10කටත්, කුඩා බුලත් කොළයක් රු.6ක් වැනි මුදලකටත්, තොග මිල ලැබෙන බවත්, පවත්නා තත්වය මත පීදුනු බුලත් කොළ 40කින් යුත් බුලත් අතක් රු.480ක මිලකට අලෙවි කිරිමට සිදු වන බවයි එම වෙළෙදුන් කියා සිටියේ.

බුලත් මිල ඉහළයෑමට සමගාමීව පුවක් ගෙඩියක මිල රු.8-10ත් අතර මිලකට ඉහළ යෑම හමුවේ බුලත් විටක් රු.70 -80ත් වැනි මිලකට අලෙවි කිරිමට සිදු වී ඇති බවයි එම වෙළෙදුන් කියා සිටින්නේ.

බුලත්වලට රෝගයක් වැළදීම හේතුවෙන් බුලත් ඵලදාව අඩු වී ඇති නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ බුලත් මිල මෙසේ ඉහළ ගිය බවත්, පුවක් ඵලදාව මේ දිනවල සිදු නොවන නිසා පුවක් ගෙඩියක් රු.8-10ත් දක්වා මිල ඉහළ ගොස් ඇති බවයි හැටන් ප්‍රදේශයේ බුලත් පුවක් අලෙවි කරන වෙළෙදුන් කියා සිටියේ.

බුලත් පුවක්වල මිල ඉහළ යෑම හමුවේ තම දෛනික වෙළදාම් සීඝ්‍රයෙන් පහළ වැටී ඇති බවත්, තම දෛනික කටයුතු වලට බුලත් තොග මිලදී ගැනීමට විශාල මුදලක් වැය කිරිමට සිදු වූවත් ඉන් ලැබෙන ලාභ ප්‍රතිශතය ඉතා අඩු බවයි එම වෙළෙදුන් වැඩි දුරටත් කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top