කතානායක නිල නිවස පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම පිළිබඳව යෝජනාවට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේදී දී ප්‍රතිපත්තිමය එකඟතාවක් පැමිණ ඇත්තේය. ඒ සමගම කතානායක නිල නිවස ගැන ද කතා බහක් ඇති වී තිබෙන්නේය.
කතානායකවරයාගේ නිල නිවස පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසලට ඉදිවන්නේ වර්ෂ 2000 දී ය.
ශ්‍රී ජයවර්ධනපුර කතානායක නිල නිවස ඉදිකිරීමට පෙර කථා නායක නිල නිවස ලෙස භාවිතා කළේ . කවුරුත් දන්නා ප්‍රභූ ගෘහනිර්මාණ ලකුණක් වන කොල්ලුපිටියේ මුම්ටාස් මහල්ය.
මුම්ටාස් මහල් ගැන කතාව.

මුම්ටාස් මහල් ගොඩනැගිල්ල මුලින් ඉදිවන්නේ වර්ෂ 1928–29 වකවානුවේ දී ය. එහි වාස්තු ලක්ෂණය ඉතාලි පුනරුද ශෛලියට අයත් වූයේය. එය එවක කොළඹ සිටි ධන කුවේරයෙක් වූ මොහොමඩ් අලි මොහොමඩ් හුසේන් වෙනුවෙන් ඉදිකරන්නේ හෝමි බිලිමෝරියා නැමැති ගෘහනිර්මාණ ශිල්පියා විසිනි. මුම්ටාස් මහල් ඉදිකිරීමට පෙර එතැන පැවතියේ ඔහුගේ පියා වූ මොහොමඩ් අලි විසින් ඉදිකරන ලද ප්‍රංශ විලාසිතාවේ විලාවක් වන ශාන්ත මාග්‍රට් නම් එවක ප්‍රසිද්ධව පැවති ඉදිකිරීමය.
මුම්ටාස් මහල්හි උද්‍යාන සහ ගෘහ භාණ්ඩ “කවුන්ට් ඩි මෞනි” නම් ශිල්පියා විසින් නිර්මාණය කළේය. මොහොමඩ් අලි මොහොමඩ් හුසේන්ගේ දියණිය මුම්ටාස්ය. ඇයගේ නමින් මෙම ගොඩනැගිල්ල මුම්ටාස් මහල් ලෙස නම් කෙරුණේ ආදරේයේ ලකුණුක් ලෙස සැලකෙන ටජ් මහලේ ආදරයට ගරු කිරීමක් ලෙසය. එම නම් කිරීම ඔහුගේ සමීප මිතුරෙක් වූ හර්බට් ශ්‍රී නිශ්ශංක විසින් සිදුකර තිබිණි.
පසුකාලීනව මේ ධන කුවේරයා සිය ධනයෙන් පිරිහී ගියේය. දේශපාලකයෙක් නොවුන, ව්‍යාපාරිකයෙක් සහ කලා කෘති සමග බැඳුන ආධ්‍යාත්මයක් සහිත ගත කළ මේ මනුෂ්‍යයාගේ ඉසුරුමත් ජීවිතය ව්‍යාපාර බිඳ ර බංකොලොත් වීමත් සමග නිමා වුනේය. අනතුරුව මුම්ටාස් මහල් නඩත්තුව හෝ කරගත නොහැකි වූ මොහොමඩ් අලි මොහොමඩ් හුසේන් එම මන්දිරය ප්‍රංශ කොන්සල්වරයාට කුලියට දුන්නේය.
අනතුරුව දෙවන ලෝක යුද්ධ සමයේ දී යටත් විජිත ශ්‍රී ලංකාවේ ප්‍රධාන අණ දෙන නිලධාරී වයිස් අද්මිරාල් ශ්‍ර්මත් ජෙෆ්රි ලේටන් එම මන්දිරය සිය භාවිතය සඳහා අත්පත් කර ගත්තේය. යුද්ධය අවසන් වන තෙක් ඔහු එහි ජීවත් විය.
1948 දී ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු, රජය විසින් මුම්ටාස් මහල් ගොඩනැගිල් රජයට අත්පත් කර ගත්තේය. ඒ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නායකත්වය දුන් ශ්‍රී ලංකාවේ සමාරම්භක කථානායක ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේගේ නිල නිවස ලෙස භාවිතා කිරීම සඳහා ය. මෙම නිල නිවස 2000 දක්වා කථා නායක නිල නිවස ලෙස භාවිතයේ පැවතිනි. ශ්‍රීමත් ඇල්බට් පීරිස්, එච්එස් ඉස්මයිල්, ටීබී සුබසිංහ, ආර්එස් පැල්පොල, හියු ප්‍රනාන්දු, ෂර්ලි කොරියා, ස්ටැන්ලි තිලකරත්න, ආනන්දතිස්ස ද අල්විස්, බාකීර් මාකර්, ඊඑල් සේනානායක සහ එම්එච් මොහොමඩ් යන කතානායකවරු එහි සිය ධූර කාලය ගෙවූහ.
නව කතානායක නිල නිවස
ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අසල නව කතා නායක නිවස ඉදිවන්නේ 1982 අප්‍රේල් මස 29 වැනිදා පාර්ලිමේන්තුව කොළඹ ගාලු මුවදොර සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නව සංකීර්ණයට රැගෙන ගොස් දශක දෙකකට ආසන්න කාලයකට පසුවය. නව කථානායක නිල නිවසක් කෝට්ටේ ඉදිකරන තෙක් කථානායකවරයා සිටියේ කොල්ලුපිටියේ මුම්ටාස් මහල් හි ය. කතානායක නිල නිවස කෝට්ටේ ඉදිවන්නේ වර්ෂ 2000 දී ය.
“පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයක්” බවට පරිවර්තනය වීමට සැලසුම් වන්නේ එම නිල නිවසය.
මෙම කරුණු සාකච්ඡා වුයේ 2025.07.24 දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේදී ය. එම යෝජනාව සළකාබැලූ අවස්ථාවේදීය.
රජයේ සියලු අංශ ඔස්සේ ව්‍යවස්ථාදායක සහ ආණ්ඩුකරණ හැකියාවන් ශක්තිමත් කිරීමේ මූලික ඉලක්කය ඇතිව මෙම යෝජිත මධ්‍යස්ථානය මගින් , උසස් පර්යේෂණ පහසුකම්, විශේෂිත පුහුණුව සහ ප්‍රතිපත්ති විශ්ලේෂණයන් සඳහා ප්‍රවේශය සැපයීම සිදු කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තුව සඳහන් කළේය.
කතා නායක නිල නිවස තවත් එක් නිවසක් ද?
ඉදිරියට කථා නායකවරයාගේ නිල නිවස සම්බන්ධව යළි ගැටලුවක් මතු විය හැකිය. එය පාර්ලිමේන්තු ඉතිහාසයෙන් එන සම්ප්‍රදායක් රාජ්‍යයක් ලෙස නඩත්තු කිරීමේ දී මතුවන තත්ත්වයක් තුළය.
පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ කථානායකවරයා ඉහළින්ම ඔසවා තැබූ පුද්ගලයාය. එය පුද්ගලයෙකුට ලබා දෙන ගෞරවයක් නොව, පාර්ලිමේන්තු සම්ප්‍රදායට ලබා දුන් ප්‍රභූ තත්ත්වයක් ලෙස 1948 වසරේ සිට පවත්වාගෙන එනු ලැබු ආකාරය පෙනෙන්නේ මුම්ටාස් මහල් වැනි අතිශය ගෞරවනීය වාස්තුවිද්‍යා කෘතියක කථානායකවරයා හිඳුවා නඩත්තු කිරීමෙනි. අවුරුදු 52ක් තිස්සේ කතානායවරු මුම්ටාස් මහල්හි සිටියහ.
