එළඹෙන දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානය සතු වර්ග අඩි 23000ක ගොඩනැගිලි දෙකක් දින 14කට තාවකාලිකව වෙළඳාම් කිරිමට ලබා දීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 42,10000ක අමතර ආදායමක් උපයා ගැනිමට හැකි වු බව හැටන් දුම්රිය ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා පවසනවා.
දුම්රිය ස්ථානාධිපතිJවරයා පවසා සිටියේ, හැටන් දුම්රිය ස්ථානය සතු දැනට භාවිතයට නොගන්නා වර්ග අඩි 20000ක නව දෙමහල් ගොඩනැගිල්ල සහ වර්ග අඩි 3000කින් සමන්විත හැටන් දුම්රිය විශ්‍රාම ශාලාව දිපාවලී උත්සව සමය වෙනුවෙන් වෙළඳාම් කිරිමට ටෙන්ඩර් පත් කැඳවු බවයි.
එම ටෙන්ඩර් පත් ඊයේ (05) දින විවෘත කළ අවස්ථාවේ නව දෙමහල් ගොඩනැගිල්ල රු.ලක්ෂ 40කටත්, හැටන් දුම්රිය විශ්‍රාම ශාලාව දෙලක්ෂ දසදහසකටත් අලෙවි කිරිමට හැකි වූ බව දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියා.
ඉකුත් වසරේ නව ගොඩනැගිල්ල රු.1025000ක මුදලකටත්, විශ්‍රාම ශාලාව රු.74000 කටත් අලෙවි වූ බවත්, ඒ අනුව මෙවර එම ගොඩනැගිලි බදු දීම මිල ගණන් තුන් ගුණයකින් වැඩි වී ඇත් බවත් දුම්රිය ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
ටෙන්ඩර් පත් විවෘත කිරිමේ අවස්ථාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වානිජ අධිකාරි ඩබ්ලිව්.එච්. චන්දන, වෙළද සහ අලෙවි කළමණාකරු එච්.අයි. ජයතිලක, දිස්ත්‍රික් ප්‍රවාහන වානිජ අධිකාරි එච්.ටී. හීනැටිගල යන මහත්වරු සහභාගි වුණා.
