ප්‍රේමය මේ තරම්ම කුරිරුද.? අනියම් පෙමක් ජීවිත දෙකක් බිලිගනී.

රන්න, වාඩිගල ප්‍රදේශයේ නිවසක තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරන ලද කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරු අද (07) අලුයම සොයාගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ බෝ පසිඳු නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු සහ ඔහුගේ අනියම් බිරිඳ බවයි පොලිසිය කියා සිටියේ.

ඔවුන් 28 හැවිරිදි රන්න සහ තිස්සමහරාම යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මියගිය පුද්ගලයා මිතුරෙකුගේ නිවසේ අදාළ කාන්තාව සමග රැඳී සිටියදී මුහුණු ආවරණය කරගත් පස්දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් නිවසට ඇතුලුවී ඝාතනය සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළා.

මියගිය පුද්ගලයාට එරෙහිව පුද්ගල ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අතර මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ද මීට පෙර මොහු අත්අඩංගුවට ගෙන තිබූ බව සඳහන්.

එසේම පසුගිය වසරේ මාර්තු 06 වැනිදා රන්න, නිදහස්ගම ප්‍රදේශයේදී බෝට්ටු ස්කීපර්වරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද මියගිය පුද්ගලයාට චෝදනා එල්ලවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top