රාජ්‍ය අංශයේ කුසීතකම් දුරලන්න අලුත් වැඩපිළිවෙලක්. නව වැඩපිළිවෙලක් ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න.

රාජ්‍ය අංශයේ ක්‍රියාත්මකවීමට නියමිත ඒ ක්‍රමවේදය ගැන ඔබ දන්නවාද?  මේ පණිඩය රාජ්‍ය සේවයේ වැඩ කටයුතු කරන ඔබට ගොඩක් විශේෂ වේව්.
රජය විසින් රාජ්‍ය අංශයේ ප්‍රතිඵල පදනම් කරගත් කළමනාකරණය (Results-Based Management – RBM) ශක්තිමත් කිරීම සඳහා නව “අමාත්‍යාංශ ප්‍රතිඵල රාමුවක්” හඳුන්වා දී තිබෙනවා.

2025 සිට 2029 දක්වා කාලය ආවරණය වන පරිදි, අමාත්‍යාංශ 22 ක් සහ අනුබද්ධ ආයතන ඉලක්ක කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

මෙමගින් සියලුම සංවර්ධන ඉලක්ක නිශ්චිත කාල රාමු තුළ දී ඉටුකරන බව සහතික කිරීම අපේක්ෂා කෙරෙනවා.

මෙම ප්‍රතිඵල රාමුව සකස් කර ඇත්තේ මහා භාණ්ඩාගාරයේ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

එහි ප්‍රධාන අරමුණ වන්නේ අමාත්‍යාංශ හරහා කාර්යක්ෂමතාව, වගවීම සහ සම්බන්ධීකරණය ඉහළ නැංවීමයි.

එමෙන්ම, රාජ්‍ය අංශයේ ව්‍යාපෘති නියමිත වේලාවට නිම කිරීමෙන් රජයේ ආයෝජන කෙරෙහි මහජනතාවගේ විශ්වාසය වැඩි කිරීම ද අපේක්ෂා කෙරෙනවා.

මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබුණා.

ඒ අනුව මෙම නව ක්‍රමවේදය මඟින් එක් එක් අමාත්‍යාංශයේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සහ අයවැය උපායමාර්ගය මෙම ප්‍රතිඵල රාමුව සමඟ සෘජුවම ඒකාබද්ධ කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top