ඒ තරම් පිරිසක් එක්වෙලා හිටිය තැනක මේ දරුවාගේ ජීවිතයට එවැනි ඉරණමක් අත්වුණේ කොහොමද..?
අත්අඩංගුවට ගත් පිරිස අතර එම ජාත්‍යන්තර පෙර පාසලේ සහකාර විදුහල්පති, ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී, දරුවන් භාරව සිටි ගුරුවරුන් දෙදෙනකු, පිහිනුම් උපදේශකයන් දෙදෙනකු, පෙර පාසල් සේවිකාවක් ඇතුළු 7 දෙනකු වන බවද පොලිසිය පවසනවා.
පසුගිය 8 වැනිදා පෙරවරුවේ මිරිහාන ස්ටැන්ලි තිලකරත්න මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී මෙම අවාසනාවන්ත සිද්ධිය වී තිබූ අතර මෙලෙස මියගොස් තිබුණේ නුගෝගොඩ තලපත්පිටිය ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.
එදින මියගිය දරුවා ඇතුළු තවත් දරුවන් කණ්ඩායමක් ගුරුවරුන් හා පුහුණුකරුවකු යටතේ හෝටලයේ පිහිනුම් තටාකයේ පිහිනුම් කටයුතු සිදුකරමින් සිටිය දී මෙම දරුවා දියේ ගිලී ඇතැයි පොලිසිය කියයි.
‘දරුවා ගොඩට ගෙන කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගිය ද එහිදී දරුවාව පරීක්ෂා කළ වෛද්‍යවරු දරුවා මියගොස් ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.
දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (09 වැනිදා) කළුබෝවිල ශික්ෂණ රෝහල් අධිකරණ කාර්යාලයේදී සිදු කළ අතර එහිදී විවෘත තීන්දුවක් දී තිබෙනවා.
සැකකාර සහකාර විදුහල්පතිවරයා ඇතුළු 7 දෙනා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
මේ පිළිබඳව මිරිහාන මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුෂ්මන්ත ලියනගේ මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
