ලොරියකට යටවී දෙදෙනෙක් මිය යයි

නාරම්මල පොලිස් වසමේ හොරොම්බාව මාවී ඇල මාර්ගයේ අලහිටියාව ප්‍රදේශයේදී හොරොම්බාව දෙසට ධාවනය වූ ලොරි රථයක රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක හා බෝක්කුවක ගැටී පෙරලී ගොස් අනතුරක් සිදුව ඇත.

අනතුරින් ලොරි රථයේ පිටුපස ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු එම ලොරි රථයටම යටවී බරපතල තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

මරණකරුවන් අවුරුදු 26 හා 29 යන වයස්වල පසු වූ වව්නියාව හා නෙදුන්කේනි ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මෘත ශරීර නාරම්මල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top