පියා තුවක්කුවක් අතැතිව පුතා පසුපස එලවයි

ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී තමන්ගේම පුත්‍රයාට පිස්තෝලයකින් වෙඩි තැබීමට සැරසුණු බවට සැකකෙරෙන පියෙකු පොලිස් භාරයට ගෙන තිබේ.

අතේ ගිනි අවියක් ඇති පුද්ගලයෙකු ගැවෙසෙන බවට ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයට ලැබුණු දුරකථන තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මෙම සැකකරු ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පියා මීට වසර 35 කට පමණ පෙර සිය පවුලෙන් වෙන්ව වෙනත් ප්‍රදේශයක පදිංචියට ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ. ඔහු පවුල හැර යන විට පුත්‍රයාගේ වයස අවුරුදු හතරක් බව ද සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීමේ උත්සාහයට හේතුව කුමක්දැයි මෙතෙක් හෙළි වී නොමැත.

සැකකරු සතුව තිබී පොලිසිය විසින් භාරයට ගත් පිස්තෝලය මෙරට නිෂ්පාදිත එකක් බවට හඳුනාගෙන තිබේ. සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ එය වසර 15 කට පමණ පෙර ආරච්චිකට්ටුවේ සිටි අපරාධකරුවෙකුගෙන් තමාට ලැබුණු එකක් බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙන්ම ගිනි අවිය ද ඉදිරි නීතිමය කටයුතු සඳහා හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top