මහා පරිමාණ හෝටල්වල සිට කුඩා තේ කඩය දක්වා කෙටි ආහාර වර්ග අලේවිය ජනප්‍රිය වී ඇත.
එසේම අධි පෝෂණය, කොලොස්ටරෝල්, දියවැඩියාව, අධිරුධිර පීඩනය ආදී රෝග වැලදීමේ ප්‍රවණතාව ද වැඩි වී ඇත.
එමනිසා මෙවර අපි සාකච්ඡා කරන්නේ වෙළදපොලේ අලෙවි වන සොසේජස් සහ කුකුළු මස්වල ප්‍රමිතිකරණය පිළිබදවයි.
ඉන් බැක්ටීරියා තත්වය වර්ධනය වෙලා අමාශගත රෝග ඇතිවිය හැකිය. විශේෂයෙන්ම සැල් මොනැල්ලා කියන බැක්ටීරියා එක අධික ලෙස වර්ධනය වී සෞඛ්‍යට හානිකර තත්වයන් උදා කළ හැකිය.
තවත් සමහර ඒවායෙ හි පැකට් එක පුපුරලා හොඳින් සොදිසි කර බලන විට සෝසේජස් කරල පුපුරා තිඛෙන අවස්ථා දක්නට ඇත. ඒ වගේ වාතයට නිරාවරණය වූ ආහාර මිළදී ගැනිම අතිශ්‍ය භයානයි. එහි වගකීම කාටවත් ගන්න බැහැ. එමනිසා කාටවත් චොදනා කරණවාට වඩා හොඳම දේ තමන් නිවරදි දේ තොරාගැනිමයි.
ආහාර සකස්කරණා ආකාරය.
මාංශ ආහාර සකස්කරද්දී ඒවා අධිශීතකරණයෙන් ගෙන සාමාන්‍ය උෂ්ණත්වය යටතේ තබා ගලාගෙන යන වතුරෙන් සොදන්න. එත් බොහො දෙනෙක් කරන්නේ ශීතකරණයෙන් ගත්ත ගමන් වතුරට දමන එකයි. සමහර හොටල් වල ඉඳුල් සහිත ඛෙසම් වලට දලා වතුරට සේදෙන්න ඇරලා තියෙනවා. මින් සැල්මොනැල්ලා කියන බැක්ටීරියාව අධික ලෙස වර්ධනය වන්නට පූලූවන්.
ඒ වගේම ශීතකරණය ඇතුලේ ඔහුනගේ ජීවත් වන කාලට වඩා වැඩි කාලයක් අධි ශීතකරණ වල ඉන්නවා. ඒ වගේ කාලයක් ගත වූ මස් වර්ග දුර්වර්ණ වනවා. එය සගවා තැබිමට කුකුළු මස්වලට තද පාට ඩයි වර්ග දැමිම සිදු කරනවා. ඒ ආකාරයට ඩයි දැමූ මස් ආහාරයට ගැනිම ඔඛේ සෞඛ්‍යයට අහිතකරයි.
මාංශ ආහාර සකස් කීරිමේ ක්‍රමවේදයන්
මස් මිලදී ගැනීමේ දී කොටස්වලට කපා දෙන ලෙස ඉල්ලීම සාමාන්‍ය දෙයක්. එහිදි අලේවි කරුවා මස් කැපිමට භාවිත කරන්කේ එකම කොටසක්. එහි කඩ තොලූවල මාංශ කොටස් රුදිලා තියෙන්වා. මස්වල ඇති රුධිරය ගෑවෙනවා. ඒවා වාතයට නිරාවරණය වූණාම විවිධ බැක්ටීරියා වර්ග සහ ක්ෂද්‍ර ජීවින් ඇති වෙනවා.
එවැනි ස්ථානයක අලූත් මාංශ තබා කැපුවත් බැක්ටීරියා කැවරිය හැකියි. සමහර පාරිභොගිකයෝ ඒ ආකාරයට කොට කළ මාංශ නොසෝදාම ශීතකරනයේ තැම්පත් කරනවා. මේ ක්‍රමනේදයත් වැරදියි. මේ හැම දෙයින්ම සිදුවන්නේ සෞඛ්‍යට තර්ජනයක් වීමයි.
මීළගට මාංශ ආහාරත් සමග කිරි, අයිස් ක්‍රීම් වැනි දේ එකට ගබඩා කිරීමත් නුසුදුසු ක්‍රියාවලියක්. මස් වගේ දේවල් පිසලා ආහාරයට ගත්තත් කිරි, අයිස් ක්‍රීම් වගේ දේවල් තිඛෙන ආකාරයටමයි ආහාරයට ගන්නේ. එහි දී මස්වල ඇති බැක්ටීරියා ඒවා සමග මිශ්‍රවෙලා තිබුණොත් ආමාශගත රෝග බොහොමයක් වැලදෙන්න පුළුවන්.
ඒ නිසාම මස් ගබඩා කිරීමේ සිට පිසීමේ ක්‍රියාවලිය දක්වාත්, මාංශ සහිත ආහාර මිලදී ගැනීමේදීත් පාරිභෝගිකයා බුද්ධිමත්ව කටයුතු කළ යුතු වෙනවා. නැත්තම් වමනය, බඩයාම වැනි පුංචිම රෝගයේ සිට මරණය දක්වා වූ භයානක තත්වයන්ට ඇඳවැටීමට මේ නුස්දුසු මාංශ පරිභෝජනය හේතු කාරක විය හැකිය.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
