එළවළු කල් තබා ගන්න වැඩපිලිවෙලක් හදනවා..

එළවළු කල් තබා ගැනීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් වහාම ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි, කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පැවැසීය.

ගොවියා ආරක්ෂා කර පාරිභෝගිකයාට ද අසාධාරණයක් නොමනාකාරයෙන් එළවළු පරිභෝජනය වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

මේ දිනවල එළවළු විකුණාගත නොහැකිව අපතේ යෑම පිළිබඳව විමසීමේදී ඒ මහතා මේ බව කීවේය.

“අපේ රටේ යම් එළවළු ප්‍රමාණයක් යම් යම් කාලවකවානුවලදී නිකරුණේ අපතේ යැවීමක් සිදුවන බව අපි දකිනවා. මේ දිනවලත් එම තත්ත්වය පිළිබඳව වාර්තා වෙනවා.

අපි දැන් එළවළු කල් තබා ගනිමින් අගය මත ක්‍රියා කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පසුවෙනවා.

කෘෂි, කර්මාන්ත, අධ්‍යාපන, මුදල්, වෙළෙඳ, විද්‍යා හා තාක්ෂණ යන අමාත්‍යාංශ සමග එක්ව කටයුතු කරමින්, ගොවියාටත්, පාරිභෝගිකයාටත්, එළවළු සම්බන්ධ ගැටලු වෙනුවෙන් ස්ථිරසාර විසඳුම් ලබාදීම තමයි එකම අරමුණ ” යැයි ද කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top