වැස්ස අස්සේ හිතේ ප්‍රශ්න නැති කරගෙන නිදහසේ ජීවිතේ විඳින්න. මේක ඔයයි,එයයි බලන්න.

මේ දිනවල හැමෝම ඉන්නෙ ඉතාමත් පීඩනයකින්.

ඉතින් මේ හැමදේම නැති වෙලා මූඩ් එක ෆික්ස් වෙන්න හොඳම තැන තමයි ඔබේ නිදන කාමරයෙ ඔබේ යහන. ඉතින් මේ කියන්න යන්නේ ඔයාගේ ජීවිතයට සතුටක් ගෙනහල්ල දෙන ලිංගික ජීවිතය වෙනස්ම විදිහකට හරි අපූරුවකින් ගත කරන්නේ කොහොමද කියන එක ගැන.

ඒකට මෙන්න මේ විදිහට ඔයාගෙ යහන ලෑස්ති කරගන්න.

මුලින් ම කාමරේ අස් කරන්න.
හැඩිවෙලා තියෙනවා නම් කාමරය අස් කරන්න. අනවශ්‍ය දේවල් ඉවත් කරන්න. ඔයාට ලොකු ඉඩක් නැත්නම් තියෙන දේවල් කාමරයේ තියන්න ම ඕනෙ නම් ඒවා පිළිවෙලකට අසුරන්න. දූවිලි ඇති තැන් සේරම පිහිදලා පිරිසිදු කරන්න. රෙදි පිරිසිදු කරන්න.කොට්ට මෙට්ට අව්වට දාන්න. දාලා තිබුණ පරණ බෙඩ්ශීට්ස් වෙනුවට හෝදලා අව්වේ වේලපු සුවඳ හමන බෙඩ්ශීට් එකක් දාන්න. කොට්ට උරත් මාරු කරන්න.

ආලෝකය ගැන සැලකිලිමත් වෙන්න.
ඔයා තමයි ඔයාගෙයි එයාගෙයි කැමැත්ත දන්නේ. සමහර විට ඔයාලා ආසා තද ආලෝකයක් හෝ මොකක් හරි වර්ණයක ආලෝකයක් නම් ඒ පාට බල්බ් එකක් දාගන්න. නැත්නම් ඉටිපන්දම් කීපයක්, ඒවා පත්තු කරන්න ලස්සන ඉටිපන්දම් රඳවනයක්, ගිනිපෙට්ටියක් හෝ ලයිටරයක් ලෑස්ති කරලා ම තියාගන්න. අන්තිම මොහොතේ ගිනිපෙට්ටියක් හොයන්න දුවන්න තියාගන්න එපා.

කාමරේ සුවඳවත් කරන්න.
නිදන කාමරෙන් හොඳ සුවඳක් එනකොට ඔයාගෙ මානසික සුවය ඉහළ යනවා. ලිංගික හැඟීම් වැඩිවෙනවා. ඉතින් මේ සුවඳත් ඔයා ආස විදියට හදාගන්න. ස්වභාවික සුවඳවල්වලට ආසයි නම් මල් පොකුරක් ගෙනත් තියාගන්න. හැමවෙලේම ඔයාලා දෙන්නගෙම කැමැත්ත බලලයි මේක කරන්න ඕනෙ. නැත්නම් ඔයාට සුවඳ දේ එයාට ඔලුව කැක්කුම එනවා නම් ඔයාලගෙ දවස අපරාදෙ වෙනවානෙ.

පෞද්ගලික පිරිසිදුකම ගැනත් සැලකිලිමත් වෙන්න.
වෙනදට වඩා ටිකක් වැඩිපුර පිරිසුදු වෙන්න. බොඩි ස්ක්‍රබ් එකක් එහෙම කරාට කමක් නෑ.

ඔන්න දැන් පරිසරය සකසලා ඉවරයි. දැන් තියෙන්නේ සරාගී රැයක උණුසුම විඳින්න විතරයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top