සීදූවේ වෙඩි තැබීමක් අයෙක් මරුට:දෙකකට තුවාල

සීදූව ලියනගෙමුල් වෙළබඩ පාරේ සිදු වූ වෙඩි තැබීමෙන් 53 හැවිරිදි අයකු මීට සුළු වේලාවකට පෙර මීගමුව රෝහලේ දී මියගිය බව රෝහල් පොලිසිය කියයි.

ඔහුගේ පියා සහ සහෝදරයකු තුවාල ලබා මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් පිරිස මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර ඔවුන් පැමිණි මෝටර් රථය ගෝවින්න මාර්ගයේ නවතා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.

එතැන් සිට වෙඩික්කරුවන් වෙනත් රථයකින් පළා ගොස් ඇති අතර මේ වන විට එම පිරිස අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට ආ පිරිස අතර කාන්තාවක ද සිටි බව පොලිසිය සඳහන් කරයි.

තුවාලකරුවන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ වී.ඒ.නිශ්ශංක)

 

වෙනත් පුවත් – 

ටින් මාළු සදහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ

ටින් මාළු සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම උපරිම සිල්ලර මිල ගණන් අද (28) සිට බලපැවැත්වෙන බව පාරිභෝගික අධිකාරිය පවසයි.

ඒ අනුව ටූනා ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380 ක් ලෙසද, ජැක් මැකරල් ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 560 ක් ලෙස එම ගැසට් නිවේදනයේ සදහන් වේ.

මැකරල් ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 420 ක් වන අතර මැකරල් ග්‍රෑම් 155 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 180 ක් ලෙස ගැසට් නිවේදනයේ දැක්වෙන බවත් අධිකාරිය පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top