මිනිස්සු තමන්ගේ ලිංගික ජීවිතේ වේවා,සාමාන්‍ය ජීවිතේ වේවා රහස් ගොඩක් පුරවගෙන ඉන්න දන්නවා.
සමහරු ඒ රහස් එක්කම මැරිලා යනවා…නැත්තම් කවුරු හෝ අතින් මැරෙනවා…
මේකත් ඒ විදිහේ කතාවක්…
“අපි පොඩි ගේ කෑල්ලක් හදාගෙන ජීවත් වුණේ.හස්බන්ගේ වෙනසක් නම් මට පෙණුනේ නෑ..හස්බන්ට යි මටයි වෙනම රූම්ස් තිබ්බා.ගොඩක් වෙලාවට හස්බන් මා එක්ක නිදාගන්න එනවානැත්තම් එයාට පුටුවෙම නින්ද යනවා…”
“දවසක් එයාට නොදැන එයාට හොඳටම නින්ද ගිහින්.මට රෑ මැද ඇහැරුණා. හරියට ම පාන්දර තුනට වගේ.මම ඉතින් නිකමට හස්බන්ගේ කාමරේට එබුණා.එවෙලාවේ තමයි මට කෑ ගැහුණේ. දෙයියනේ හස්බන්යටඇඳුම් වගයක් තුරුළු කරගෙන ඉන්නවා.ඒවා මගේ ඒවාත් නෙවෙයි. මට යකා නැග්ගා..”
“මගේ සද්දෙටම හස්බන් ඇහැරුණා. එයා බයවුණා හොඳටම.එතකොට තමා මම දැක්කේ. එයා ළඟ යටඇඳුම් කලෙක්ෂන්එකක් තියෙනවා. මම මාර අවුල් වුණා.. ඒ සේරම ගමේම
තැන් තැන්වලින් හොරකම් කරපුවාලූ. මෙයා කාලයක් තිස්සෙමේ දේ කරනවලූ.. ඒ විදිහට එකතු කරපුවා තමා මේ..”
“හස්බන් මට වැන්ඳා මේක කාටවත් කියන්න එපා කියලා.පැටියෝ කෑ ගහන්න එපා කියලා එයා එකපාරමමාව බදාගත්තා. මාව ඉම්බා.. ඇඬුවා.. මම පස්සෙ එයාව පහුවදාම ඩොක්ටර් කෙනෙක් ළඟට එක්කන් ගියා. එතකොට මම දැනගත්තෙ මේක මෙයාගේ මානසික අවුලක් කියලා.ඒකට ඩොක්ටර් ප්‍රතිකාර කළා කාලයක් තිස්සෙම..”
“දැන් හස්බන් රිකවර් වෙලා ඉන්නවා..ඒක ඇත්තටම සෑහෙන අමාරු කාලයක්..ඒත් මම කියන්නෙ එහෙම අයව ජංගි හොරු කියලාසමාජයෙන් කොන් කරන්න එපා. ඒක හරිම වැරදි..
ඒ අයත් මිනිස්සු.. ඒ අයටත් හැඟීම් දැනීම් තියෙනවා..”
“මේවට ප්‍රතිකාර කළාම හරි යනවා..”
