බේබද්දෙකු රෝහලට පැන යකා නටයි. රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතා.

මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සහ කණිෂෟඨ කර්ය මණ්ඩලයේ සේවකයින් (25) දින උදෑසන 11 සිට 11:30 දක්වා පැය  භාගයක කාලයක් සේවා කටයුතු වලින් ඉවත් වී රෝහල ඉදිරිපිට කළු පටි පැළද විරෝධතාවයක නියැලින.

ඉකුත් (23) දින රාත්‍රී 11:00ට පමණ බීමත්ව එම රෝහලට පැමිණි පුද්ගලයෙකු රෝහල් වාට්ටු සංකීර්ණය වෙත පැමිණ කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවකයෙකුට බැනවැද පහර දීමට තැත්කර පසුව එම පුද්ගලයා රෝහලෙන් පලා ගොස් ඇත.

එම සිද්ධියට විරෝධය පාමිනුයි මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සහ කණිෂ්ඨ කර්ය මණ්ඩලයේ සේවකයින් මෙසේ කළු පටි පැළද විරෝධතාවයේ නියෑලී සිටියේ.

මෙවැනි සිද්ධීන් යලිත් රෝහල තුල ඇති නොවීමට රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් වල බලා ගත යුතු බවත්, රෝහලට පැමිණ කලහකාරි ලෙස හැසිරි පහර දීමට තැත්තල පුද්ගලයා සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසියටද පැමිණිල්ලක් කර ඇති නිසා එම සැකකරු සම්බන්ධයෙන් උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි විරෝධතාවයේ නියැලී සිටි සේවකයින් කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා මස්කෙළිය ඩී සයිඩ් වතුයයේ පදිංචිකරුවෙකු බවත්, එම සැකකරුව මස්කෙළිය පොලිසිය මගින් (24) දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත (25) දින ඉදිරිපත් කරන බවද මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියහ.

මෙවැනිම සිද්ධියක් පසුගිය දා  ඩයගම ප්‍රාදේශීය රෝහලේද සිදු වී අතර, එම සිද්ධිය පදනම් කර ගනිමින් එම රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සහ කණිෂ්ඨ කර්ය මණ්ඩලයේ සේවකයින් රෝහලේ  සේවා කටයුතු වලින් දින කිහිපයක් බැහැරව සිටිය අතර, (24) දින යලිත් එම රෝහලේ දෛනික සේවා කටයුතු යලි ආරම්භ කරනු ලැබීය.

– රංජිත් රාජපක්ෂ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top