12ට අඩු දරුවනට ස්මාට් දුරකතන තහනම්

වයස අවුරුදු 12ට අඩු පාසල් දරුවන් ස්මාර්ට්ෆෝන් භාවිත කිරීම තහනම් කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව ළමා කටයුතු අමාත්‍යවරිය වන සරෝජා පෝල්රාජ් මහත්මිය අද (26) ප්‍රකාශ කළාය.

සිසුන් සහභාගී වූ උත්සවයක් අමතමින් අමාත්‍යවරිය කියා සිටියේ, වයස අවුරුදු 12ට අඩු කිසිදු දරුවෙකුට ජංගම දුරකථන හිමි කර ගැනීමට හෝ භාවිත කිරීමට ඉඩ නොලැබෙන බවට රජය සහතික වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top