පුතු එලොව යවා 24 හැවිරිදි මවත් නොඑන ගමන් යයි. අම්බලන්ගොඩ අහස පොළොව නුහුලන ඛේදවාචකයක්.

ගාල්ල – බටපොල, කහටපිටිය ප්‍රදේශයේදී මවක් සිය දරුවාගේ ගෙල කපා ඝාතනය කර ඇය ද සියදිවි හානිකරගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, ඝාතනයට ලක්වූ පිරිමි දරුවා අවුරුදු තුනහමාරක් පමණ වයසේ පසුවන අතර, සියදිවි හානිකරගත් මව 24 හැවිරිදි වියේ පසුවන බවයි.

ඇය මීට මාස කිහිපයකට පමණ පෙර විදේශ රැකියාවක නිරතව සිට යළි නිවසට පැමිණ තිබුණා.

ස්වාමිපුරුෂයා ඇය අතහැර ගොස් ඇති අතර, කුඩා දරුවා හැදී වැඩී ඇත්තේ සියදිවි හානිකරගත් කාන්තාවගේ පියා භාරයේයි.

පොලිසිය සඳහන් කළේ, අදාළ මව දරුවා ඝාතනය කර මෙලෙස සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top