පෙම්වතා හමුවීමට ගිය හෙදිය සමූහ දූෂණයට

සෙබළ පෙම්වතාගේ කීමට පුත්තලමේ සිට නාවුලට පැමිණි හෙද නිලධාරිනියක හෝටල් කාමරයක් තුළදී සමූහ දූෂණයකට ලක් කළ බවට චෝදනා ලද යුද හමුදා සෙබළකු, ගුවන් හමුදා සෙබළකු ඇතුළු තිදෙනකු නාවුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම හෙද නිලධාරිනිය තම නැගණියට විවාහ යෝජනාවක් සඳහා ඉදිරිපත් වූ යුද හමුදා සෙබළා සමග විවාහ වීමට කැමැත්ත පළ කර ඇතැයි අනාවරණය වී ඇත. ඉන් පසුව සෙබළ පෙම්වතාගේ දැනුම් දීම පරිදි පසුගිය 24 වැනිදා රාත්‍රියේ පුත්තලමේ සිට නාඋල බලා පැමිණ ඇත.

එහිදී යුද හමුදා පෙම්වතා සමග ඔහුගේ මිතුරකු වන ගුවන් හමුදා සෙබළකු හා තවත් මිතුරකු ඔවුන් රැඳී සිටි හෝටලයට පැමිණ මධුවිත පානය කර ඇතැයි අනාවරණය වී ඇත.

ඒ අනුව මොවුන් හෙදියව සමුහ දූෂණයට ලක් කළ බවට පසුදින (25) පස්වරුවේ තිස් අට හැවිරිදි හෙදිය විසින් නාවුල පොලිසියට පැමිණිලි කර ඇත.

මේ අනුව නාවුල පොලිසිය විසින් කෝන්ගහවෙල අඹනවැල්ගාල ප්‍රදේශයේ පදිංචිව සිටින හමුදා සෙබළුන් දෙදෙනා හා ගොවියකු මෙම දූෂණය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ හෙදිය සිය කැමැත්තෙන් තමන් සමග සිටි බවත් රාත්‍රි කාලයේ ඇති වූ ආරවුලකින් පසු තමන්ට විරුද්ධව පොලිසියට පැමිණිලි කර ඇති බවත්ය.

මේ සම්බන්ධව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ උපදෙස් මත නාවුල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top