සියලුම පළාත්වලට ටියුෂන් තහනමක් පනවන ලෙස ඉල්ලීමක්

පාසල් ගුරුවරුන්ට තම පාසලේ ඉගෙනුම ලබන සිසුන් සදහා අමතර පන්ති පැවැත්වීම තහනම් කිරීමට අනිකුත් පළාත්වල අධ්යාපන ලේකම්වරුන් ද කටයුතු කළ යුතු බව රජරට දුෂණ විරෝධී සංවිධානය පවසනවා.
නමුත්, බස්නාහිර පළාතේ රජයේ පාසල්වල ගුරුවරුන්ට තම පාසලේ සිසුන්ගෙන් මුදල් අයකර උපකාරක පංති පැවැත්වීම තහනම් කරමින් පළාත් අධ්යාපන අමාත්යාංශය විසින් නිකුත් කර තිබූ චක්රලේඛය අහෝසි කිරීමටයි රජය පසුගියදා තීරණය කරනු ලැබුවා.
පසුගිය 20 වනදා බස්නාහිර පළාත් අධ්යාපන ලේකම්වරිය නිකුත් කළ අදාළ චක්රලේඛනයේ දැක්වුණේ, පළාතේ ඇතැම් ගුරුවරුන් තම පාසලේ ඉගෙනුම ලබන සිසුන්ට වෙනත් ස්ථානවලදී මුදල් අයකර අමතර පංති පවත්වන බවට හා එම පංතිවලට සහභාගී නොවන සිසුන්ට විවිධ බලපෑම් සිදු කරන බවට තොරතුරු වාතථා වන බවයි.
කෙසේ වෙතත්, එය අවලංගු කිරීමට කටයුතු කළ බවයි කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ පසුව ප්රකාශ කළා.
වෙනත් පුවත් –

‘විදුලි බිල අඩු කරන හැටි ජනවාරි 17 කියනවා‘

විදුලි බල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ලබා දී ඇති ගාස්තු සංශෝධන ඇතුළු විදුලි පාරිභෝගික යෝජනා එළඹෙන ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පවසයි.

පළාත් මට්ටමෙන් ආරම්භ කළ මහජන මත විමසීම් සියල්ල සලකා බලා එවා සමාලෝචනය කිරීමෙන් අනතුරුව තම වාර්තාව නිකුත් කරන බවද අධ්‍යක්ෂ ජනරාල් වරයා වැඩිදුරටත් පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති මධ්‍යම පළාත් විදුලි පාරිභෝගිකයන් ඇතුළු පාර්ශව කරුවන්ගේ අදහස් විමසීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

පාර්ශව කරුවන් 60 දෙනෙක් විදුලි ගාස්තු සංශෝධනයේදී අවධානයට යොමු විය යුතු කරුණු සම්බන්ධයෙන්ද එහිදි විවිධ අදහස් ඉදිරිපත් කළේය.

විදුලි බල මණ්ඩලය මගින් 2025 ජනවාරි මාසයේ සිට සංශෝධනය කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයන් ගැන 2024 දෙසැම්බර් 06 වැනි දින ඔවුන්ගේ පාර්ශවකරුවන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට කරුණු දැක්වූ අතර ඊට අදාළ යෝජනා සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු විදුලි පාරිභෝගිකයන් දක්වන අදහස් විමසා බැලීම මහජන උපයෝගීතා කොමිසම මගින් ආරම්භ කළේය.

ඒ සඳහා මහජන අදහස් ලබා ගැනීම දෙසැම්බර් මස 10 වැනි දින කොළඹින් ආරම්භ කෙරුණ අතර පළාත් මට්ටමෙන් මහජන අදහස් ලබා ගැනීමේ පළමු වැඩසටහන මහනුවරදී පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top