පාතාල නායකයන්ට හිරගෙදර රජ සැප.. FB බලමින් දුම් උරද්දී මසාජ් කරති..

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙකුගේ බව කියන සමාජ ජාලවල පැතිර යන වීඩියෝ පටය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා තිබේ.

 

උණවටුවේ තඩියා සහ අහංගල්ලේ ඇන්ටා, අහුංගල්ලේ නුවන් නැමැති මහා පරිමාණ මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බන්ධනාගාරය තුළ ජංගම දුරකථන භාවිතා කරමින් සිටින අතර තවත් පුද්ගලයෙකු ඔවුන්ගේ හිස මසාජ් කරමින් සිටින අයුරු වීඩියෝවේ දැක්වෙයි.

කෙසේ වෙතත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ එම සිදුවීම බූස්ස බන්ධනාගාරයේ සිදුවීමක් නොවන බවත් මේ පිළිබඳව වාර්තාවක් කදිමින් කැඳවීමට පියවර ගෙන ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top