අම්බුළුවාව සංචාරක ව්‍යාපෘතිය නව ජවයකින් ඉදිරියට – පාරිසරික සුරක්ෂිතතාවටත් මුල්තැන

ගම්පොළ: අම්බුළුවාව පාරිසරික කලාපය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති, පරිසර පද්ධතියට හානියක් නොවන අයුරින් වඩාත් විධිමත්ව ඉදිරියට ගෙනයාම රජයේ අරමුණ බව අවධාරණය කෙරේ.

අම්බුළුවාව පාරිසරික කලාපය ආශ්‍රිතව පැන නැගී ඇති තත්ත්වයන් පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් සහ ක්ෂේත්‍ර චාරිකාවක් පසුගියදා (03) ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සහ අම්බුළුවාව පරිශ්‍රයේදී පැවැත්විණි.

තිරසාර සංවර්ධනයට නිලධාරී සහාය

පරිසර අමාත්‍යාංශය, වනජීවී දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා හා පතල් කාර්යාංශය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) ඇතුළු ආයතන රැසක නිලධාරීන් මෙහිදී ක්ෂේත්‍ර නිරීක්ෂණයට එක් විය. අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ ඉදිකිරීම් කටයුතුවලදී මතුවූ තාක්ෂණික ගැටලු මෙහිදී විමර්ශනයට ලක් වූ අතර, පවතින තත්ත්වයන් ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් සමඟ සුහදව සාකච්ඡා කිරීම මෙහි විශේෂත්වයකි.

කේබල් කාර් ව්‍යාපෘතියේ සුරක්ෂිතතාව තහවුරු කෙරේ

පසුගිය කාලයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇත්තේ ව්‍යාපෘතියේ උපරිම ප්‍රමිතිය සහ සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණිනි. සියලුම තාක්ෂණික වාර්තා සහ පාර්ශවකරුවන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින්, පාරිසරික සමතුලිතතාව ආරක්ෂා වන පරිදි ඉදිරි තීරණ ගැනීමට නියමිතය.

ආයෝජන දිරිගැන්වීමේ රජයේ ප්‍රතිපත්තිය

මෙම නිරීක්ෂණ චාරිකාව අතරතුරදී නිලධාරීන් අවධාරණය කළේ, රටේ සංචාරක ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය මෙවැනි ආයෝජන ව්‍යාපෘති පදනම් විරහිත හේතූන් මත අත්හිටුවීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවයි. ඒ වෙනුවට, පැන නගින ගැටලුවලට විද්‍යාත්මක සහ ප්‍රායෝගික විසඳුම් ලබා දෙමින් ආයෝජකයා මෙන්ම පරිසරයද සුරකින ක්‍රමවේදයක් ඔස්සේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බව මෙහිදී ප්‍රකාශ විය.

May be an image of one or more people and people smiling

May be an image of temple

May be an image of La Sagrada Familia

May be an image of one or more people

May be an image of mountain

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top