නිල් චිත්‍රපට නිළියකගේ හුටපටයකට ඩොනල්ඩ් ට්‍රම්ප්ට දඬුවම්

නැවත පත්වීමට නියමිත හිටපු ජනපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ මුදල් වංචා නඩුව සම්බන්ධයෙන් ජනවාරි 10 වන දින දඬුවම් නියම කරන බව නිව්යෝර්ක්හි විනිසුරුවරයෙකු සඳහන් කර තිබෙනවා.
ඒ ඔහු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට සති දෙකකටත් අඩු කාලයකට පෙර වීම විශේෂත්වයක්.
මේ අනුව නිව්යෝර්ක් විනිසුරු ජුවාන් මර්චන් සඳහන් කර ඇත්තේ ට්රම්ප්ට සිර දඬුවමක්, පරිවාස කාලයක් හෝ දඩයක් නියම නොකරන බවත් ඒ වෙනුවට ඔහුට “කොන්දේසි විරහිත නිදහස් කිරීමක්” ලබා දෙන බවයි.
එමෙන්ම තේරී පත් වූ ජනාධිපතිවරයාට පෞද්ගලිකව නඩු විභාගය සඳහා පෙනී සිටිය හැකි බවත් ඔහුගේ නියෝගයේ සඳහන් කර ඇති බව විදෙස් වාර්ත පවසනවා.
කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්රම්ප් තම ජනාධිපතිවරණ ජයග්රහණය යොදාගෙන ඔහුට එරෙහි මෙම නඩුව නිෂ්ප්රභ කිරීමට උත්සාහ කර තිබුණා.
නමුත් විනිසුරුවරයා තීරණය කළේ දඬුවම් නියම කිරීම සඳහා නඩුව ඉදිරියට ගෙන යාමටයි.
වැඩිහිටි නිල් චිත්රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස්ට ඩොලර් 130,000 (£105,000) ක ගෙවීමක් සම්බන්ධ ව්යාපාරික වාර්තා ව්යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් ට්රම්ප් පසුගිය මැයි මාසයේදී වරදකරු කෙරුණා.
2016 මැතිවරණ ව්යාපාරයේ අවසාන දිනවල වැඩිහිටි නිල් චිත්රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස්ට ට්රම්ප් සමඟ සිදු වූ බව කියන ලිංගික හමුවීමක් පිළිබඳව නිහඬව සිටීමට මෙම මුදල් ගෙවීම කර තිබුණා.
කෙසේ වෙතත් තේරී පත් වූ ජනාධිපතිවරයා සියලු වැරදි ප්රතික්ෂේප කරන අතර, තවදුරටත් තර්ක කරන්නේ මෙම නඩුව ඔහුගේ 2024 ජනාධිපතිවරණ ව්යාපාරයට හානි කිරීමේ උත්සාහයක් බවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top