පානදුර ප්රසිද්ධ හෝටලයකින් මිල දී ගත් මාළු පාන් ගෙඩියක තිබී ලයිටරයක කොටස් හමුව තිබේ.
පානදුර අරුක්ගොඩ ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක් අද (08) උදෑසන සිය පුතුන් දෙදෙනාට ලබාදීම සඳහා අදාළ හෝටලයෙන් මාළු පාන් ගෙඩි දෙකක් මිළදී ගෙන ඇත.
එහිදී, සිය බාල පුතු කෑම ගත් මාළු පාන් ගෙඩියේ තිබී ලයිටරයක ලෝහමය කොටසක් හමුව තිබේ.
ඒ මොහොතේම එම පුද්ගලයා ප්රදේශය භාර මහජන සෞඛ්ය පරීක්ෂකවරයාව මේ බව දැනුවත් කර ඇතත් ඔහු පවසා ඇත්තේ, අද දිනයේ තමන් නිවාඩු බවත්, පානදුර සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලය වෙත සිය ගැටලුව දැනුම්දෙන ලෙසත්ය.
ඒ අනුව පානදුර සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලය වෙත ගොස් මේ බව පැවසුවද සිය පැමිණිල්ල භාර නොගෙන තමන්ව ආපසු හරවා එවූ බව මංජුල මහතා පවසයි.
එමෙන්ම ඔහුට එහිදී නිලධාරීන් පවසා ඇත්තේ එම හෝටලය පානදුර නගර සභා සීමාවේ ඇති හෝටලයක් බැවින් ඒ සම්බන්ධයෙන් නගර සභාවට අනුයුක්ත මහජන සෞඛ්ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙසය

