හෙට දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට සිදුවන ජල සැපයුම අත්හිටුවීමක් සිදුකරන බවට වාර්තා වනවා. ඔබත් කොළඹ, මේ ප්‍රදේශවල ඉන්නවානම් සූදානම් වෙන්න. සූදානමින් සිටියොත් සිදුවන අපහසුතා මඟ හරවගන්න පුළුවන්.
කොළඹ ප්‍රදේශයට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (16) සවස 06 සිට අනිද්දා (17) පෙරවරු 06 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය දැනුම් පවසා සිටියා.
ඒ අනුව, කොළඹ 12, 13, 14, සහ 15 යන ප්‍රදේශ වලටයි මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇති. ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට අවශ්‍ය ජලය රැස්කර ගන්නා මෙන් එම මණ්ඩලය ඉල්ලීමක් කළා.
