යාපනය වෙරළට ගොඩ ගැසූ අද්භූත නිවස

යාපනය – වඩමාරච්චි නැගෙනහිර, නාගර්කෝවිල් ප්‍රදේශයේ අද (15) අලුයම 03ට පමණ අද්භූත නිවසක් ජලයේ පාවෙමින් ගොඩබිමට පැමිණ තිබෙනවා.

එමෙන්ම එම නිවස බෞද්ධ ආගමට අයත් සාම්ප්‍රදායික අංග රැසකින් සමන්විත බවටයි වාර්තා වෙන්නේ.
ඒ අනුව, මියන්මාරය, තායිවානය, තායිලන්තය, මැලේසියාව, ඉන්දියාව ආදී රටකින් මෙය පැමිණ ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

එම නිවස බැලීමට බොහෝ පිරිසක් වෙරළට පැමිණ තිබුණා.

May be an image of text

 

වෙනත් පුවත් –

හිටපු ඇමතිගෙන් පොලිසිය ප්‍රශ්න කරයි! පොලිසියේදී ඇමති හදිසියේම ලෙඩ වෙයි!

හිටපු අමාත්‍යවරයෙකු වන විජිත් විජයමුණි සොයිසා භාවිතා කළ රථයක් එකළස්කළ රථයක් දැයි සොයා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා විජිත් විජයමුණි සොයිසා මහතා ඊයේ (14) වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පැමිණ ඇත.

එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම් අතරතුරදී ඔහු හදිසි අසනීප වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව වෙනත් දිනයකදී පැමිණෙන ලෙස ඔහුට උපදෙස් ලබා දී ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top