ඉදිරි අයවැයෙන් පසු සෑම ගෙදරකටම ලක්‍ෂ 12කට Vitz කාර් එකක්?

ඉදිරි අයවැයෙන් පසු සෑම ගෙදරකටම රුපියල් ලක්‍ෂ දොලහකට විට්ස් වර්ගයේ මෝටර් රථයක් ලබාගැනීමට හැකිදැයි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ ගෙන් ප්‍රශ්න කර සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, ලක්‍ෂ 12කට විට්ස්(Vitz) වර්ගයේ මෝටර් රථයක් ගත හැකි බවට එකල ඔහු මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළ බවත්, ඒවා පිළිගෙන ජනතාවද ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදුන් බවත්ය.

ඔහු මෙම අදහස් පළ කළේ මහනුවර ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

පසුගිය නොවැම්බර මස මුලදී නලින් හේවගේ කියා සිටියේ ජපාන විට්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ දොළහකට ලංකාවට ගෙනත් දිය හැකි බවත් එසේ ගෙනත් දෙන්නේ නම් හැමෝටම එය මිලට ගත හැකි බවත්ය.

කෙසේ වෙතත් රජයෙන් එම වාහන සඳහා රුපියල් ලක්ෂ 70ක – 80ක පමණ බද්දක් අය කරමින් ඇතැයිද ජනතාවට වාහනයක් මිලට ගත නොහැක්කේ වාහන මිල වැඩි නිසා නොව තක්කඩි පාලකයන් නිසා බවද ඔහු එකල චෝදනා කළ බව ද වසන්ත යාපා බණ්ඩාර අවධාරණය කරනවා.

 

වෙනත් පුවත්

පාසල් ගුරුවරු ටියුෂන් කරන එක සීමා කරන්න රජය සැරසෙයි!

පළාත් කිහිපයක වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිදුවීම් වාර්තා වීම හේතුවෙන්, පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සඳහා සම්බන්ධ පාසල් ගුරුවරුන්ට යම් යම් සීමාවන් හඳුන්වා දීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.

එම ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිදුවීම් රැසකටම සම්බන්ධ වී තිබුණේ පෞද්ගලික උපකාරක පංති සිදු කරන පාසල් ගුරුවරුන් බව සඳහන්.

පාසල් ගුරුවරුන් විසින් පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට බස්නාහිර පළාතේ අධ්‍යාපන බලධාරීන් මීට පෙර තීරණය කර තිබුණ ද පසුව එම තීරණය අවලංගු කරන ලදී.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පැවසුවේ එවැනි තීරණ ගැනීමට පළාත් බලධාරීන්ට බලය තිබුණද, මුළු රටටම පොදු නිර්ණායකයන් හඳුන්වා දිය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් පෞද්ගලික මාධ්‍ය ආයතනයක් වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබුණේ මෙවන් අදහසකි.

“මෙය රටම සළකලා ප්‍රවේශයක් ගන්න ඕනේ කරන ගැටලුවක්. පාසල් ගුරුවරුන්ට තමන්ගේම පාසල්වල දරුවන් සඳහා පෞද්ගලික උපකාරක පන්ති කරන්න අවසර දිය යුතුද යන්න පිළිබඳ විවාදයක් පවතිනවා. ගුරුවරුන් තම පෞද්ගලික උපකාරක පන්තිවලට නොපැමිණෙන දරුවන්ට වෙනස් කොට සැළකීම පිළිබඳවත් මාපියන්ගෙන් පැමිණිලි ලැබෙනවා.”

ඒ අනුව සියලුම පාර්ශවකරුවන්ගෙන් උපදෙස් ලබා ගනිමින් උපකාරක පන්ති පැවැත්වීම සඳහා පොදු නිර්ණායකයක් හඳුන්වා දීමට අමාත්‍යාංශය සැලසුම් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top