කල්පිටියේ පාසලක සිසුවෙක් හදිසියේ මිය ගිහින්

කල්පිටිය පුලච්චේන මුස්ලිම් මහා විද්‍යාලයේ සිසුවකු හදිසියෙ අසනිපව මාන්පුරිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවෙදි  මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය පැවසිය.

මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ එම විද්‍යාලයෙ 6 ශ්‍රේණීයෙ අධ්‍යාපනය හදාරමින් සිටි 11 හැවිරිදි ඔෂාප් අහ්මඩ් නැමති පුලච්චේන ප්‍රදේශයෙ පදිංචි දරුවකු බව කියයි.

අධික ලෙස ඇදුම රෝගයෙන් පිඩා විදිමින් සිටි (ස්වශන අපහසුවක්) මෙම සිසුවා ඒ සදහා භාවිතා කරන කුඩා ඉන්හෙලර්ය නිරන්තරයෙන් පාසලට රැගෙන එන බව කියයි.

16 දින පාසලේ දී ඇදුම රෝගී තත්වය උස්සන්න වීමත් සමග මෙම සිසුවා ඔහු සන්තකයෙ තිබු කුඩා ඉන්හෙලර් මැෂීමට දෙවරක් ඖෂධ දමා උරා ඇති නමුත් එයින්ද ඇදූම තත්වය අඩුවි තැනි බව කියයි.

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top