හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් කර තිබූ අතර ඔහු මේ වන විට පැමිණ ඇති බවට වාර්තා වනවා
ඒ, අයුතු දේපළ රැස්කිරීමේ චෝදනාවක් (කතරගම ප්‍රදේශයේ ඉඩමක්) සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීමට බවයි.
ඒ අනුව ඒ ඔහු අද දිනයේ එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිත බව ආරංචිමාර්ග පවසනවා.
මේ අතර හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ටද අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
