ඇගේ හැකියාවන් නම් ඇත්තෙන්ම විශ්මයක්. ලොව අඩුම වයසින් ආචාර්ය උපාධිය දිනූ නුවර කෙල්ල වශින්‍යා.

සමහර ජයග්‍රහණ ජීවිතයට එක්කරන්නේ පුදුමාකාර ආශිර්වාදයක්. මේ අන්න ඒ වගේ දිරිය දියණියක් ගැන ඇසෙන කතාවක්. කටේ කිරි සුවඳ යන්නටත් මත්තෙන් ලොකු ලොකු වැඩ කරන්නට උපන් හපන්නියක් ගැන අපිට අසන්නට ලැබුණේ නුවර පළාතෙන්. බෝනික්කෝ සමඟින් නැළැවෙන කාලයක ඇය සැනසුනේ හරි අපූරු අන්දමටයි. ඒ පරිගණකයත් සමඟයි. මුලින්ම ඇය, තනිව විද්‍යුත් ලිපිනයක් නිර්මාණය කළා. ඒ වන විට ඇය…

Read More

රෝගීන්ට සුවය දැනෙන අලුත් ආරංචිය. ඉස්පිරිතාලෙට රජ කුමරියන් ගන්න පරීක්ෂණය අද.

හෙද හෙදි සේවය නැතිව රෝහලක් පවත්වාගෙන යන්න බැහැ. ඒ තරමටම ඔවුන්ගේ සේවය අත්‍යවශ්‍යයි. ඉතින් බොහෝ දවසක ඉදළම අඩුවක්ව පැවැති ඒ හෙද හෙදියන්ගේ අඩුව පුරවන, බදවා ගැනීමේ පරීක්ෂණ හෙට සහ අනිද්දා පැවැත්වෙනවා. ඒ අනුව ඔක්තෝබර් 04 -05 දෙදින තුළ ගාල්ල, මාතර හා හම්බන්තොට‍ ඇති හෙද විදුහල්වලදී. එමෙන්ම ඌව පළාතේ සියලුම දිස්ත්‍රික්කවලට අදාළ පරීක්ෂණ බදුල්ල හෙද විදුහලේදී…

Read More

Commercial Bank ව්‍යාජ වෙබ් අඩවියෙන් ගනුදෙනුකරුවන් රවටා ඇත්තේ හොංකොං සිට

මෙරට Commercial Bank පෞද්ගලික බැංකුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර, රුපියල් කෝටි පහක මූල්‍ය වංචාවක් සිදුකළ ජාලයකට අදාළ ‘බයිනෑන්ස්’ ගිණුම් විදේශ රටවල සිට මෙහෙයවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා වෙත ඊයේ (02) මෝසමක් ඉදිරිපත් කරමින් විමර්ශන අංශ මෙම කරුණු හෙළිදරව් කරන…

Read More

ෂොපිං බෑග් අවම කිරීමට නොමිලේ දෙනවා වෙනුවට ගාස්තුවක්

පරිසරයට හානිකර පොලිතින් සහ ෂොපිං බෑග් භාවිතය අවම කිරීමේ අරමුණින්, එළඹෙන නොවැම්බර් මස පළමුවැනිදා සිට ඒවා සඳහා පාරිභෝගිකයින්ගෙන් මුදලක් අය කිරීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පරිසර අමාත්‍යාංශය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගියදා (01) සලකා බැලූ අවස්ථාවේදී පරිසර අමාත්‍යාංශය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර්…

Read More

තාජුඩීන් ඝාතනයට කජ්ජා සම්බන්ධවීම හා මුල් බිරිය හා පුතාගේ ප්‍රශ්නය ඔඩු දුවයි

තම සැමියා වන අනුර විදානගමගේ හෙවත් කජ්ජා, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට සම්බන්ධ බවට තමන් කළ අනාවරණය, සිය පුත්‍රයා විසින් ප්‍රතික්ෂේප කිරීම සහ තම පියාගේ ඝාතනයට මව සැක සහිත බවට කළ ප්‍රකාශය කජ්ජාගේ බිරිඳ තරයේ ප්‍රතික්ෂේප කරයි. අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කළේ, රාජපක්ෂවරුන් හෝ කපිල දිසානායක නම් පුද්ගලයා විසින් තම පුත්‍රයා මෙහෙයවනු…

Read More

ගාල්ල බන්ධනාගාරයේ හදිසි ගින්නක්.

මේ කියන්න යන්නේ නොසිතූ මොහොතක සිදුවුණු තවත් එක් සිද්ධියක් ගැන ඇසෙන කතාවක්. ගාල්ල බන්ධනාගාරයේ ආපනශාලාවේ ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්න නිවීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි අප කළ විමසීමක දී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මෙම ගින්න පාලනය කිරීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ 2ක් පිටත්කර යවා ඇති බව වාර්තා…

Read More

පිහිනුම් තටාකයට වැටුණු පුතුගේ මොළයට හානි.- පියා පොලිසියේ පිහිට පතයි.

කොළඹ පිහිනුම් සමාජයේ (Colombo Swimming Club) පිහිනුම් තටාකයට වැටී, තම අට හැවිරිදි පුතුගේ මොළයට හානි සිදු වූ බව පවසමින් එම දරුවාගේ පියා විසින් පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. උපන්දින සාදයක් සදහා මෙම දරුවා එහි ගොස් ඇති අතර එහිදී පිහිනුම් තටාකයේ පිහිනමින් සිටියදී දරුවා මෙම අනතුරට මුහුණ පා තිබෙනවා. පැමිණිල්ල ඉදිරිපත් කරමින් දරුවාගේ පියා…

Read More

රියදුරු බලපත්‍රය අලුත් කිරීමට වේරහැර යෑම අවශ්‍ය නෑ නුගේගොඩින් විනාඩි 7 න්

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී මින් ඉදිරියට වේරහැර මෝටර් රථ ප්‍රවාහන කාර්යාලය වෙත පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ඒ, අදාළ තාවකාලික බලපත්‍රය නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක් නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති බැවිනි.මෙම නව ක්‍රමය යටතේ අයදුම්කරුවෙකුට මිනිත්තු 7යි තත්පර…

Read More

සිසුවාගේ පහරදීමෙන් ගුරුතුමා මොනරාගල මූලික රෝහලට. ලෝක ළමා දිනය දා තවත් ඛේදනීය කතාවක් මෙන්න.

අද සමාජයේ මේ වගේ කණගාටුදායක කතා අහන්න දකින්න ලැබෙන එක ඇත්තටම අභාග්‍ය සම්පන්න පුවතක් වෙලා. අතීතයේ නම් ගුරු – සිසු සම්බන්ධතාව මොන තරම් නම් ශක්තිමත්ද? ඒත් අද ලෝක ළමාදිනය දවසේම මේ අහන්න දකින්න ලැබෙන සිද්ධි නම් ඇත්තටම කණගාටුදායක පුවතක් කියලා කියන්න පුළුවන්. මොනරාගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවෙකු විසින් සිදුකළ පහරදීමකින් ගුරුවරයෙකු රෝහල්ගත කර තිබෙනවා. අද…

Read More

සීනි බදු වංචාව පරදන අර්තාපල් බදු වංචාවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට චෝදනා කරන්නේ අර්තාපල් හා ලූනු සඳහා පනවා ඇති බදු හේතුවෙන් ගොවීන්ට කිසිදු සහනයක් හෝ ප්‍රතිලාභයක් නොලැබෙන බවයි. ඔහු පෙන්වා දෙන්නේ සීනි බදු වංචාවට සමාන වූ අර්තාපල් බදු වංචාවක් සිදුවී ඇත්දැයි රජයෙන් ප්‍රශ්න කරන බවයි. ඔහු තවදුරටත් සඳහන් කළේ, දේශීය බී ලූනු වගාකරුවන් රැකගැනීමේ අරමුණින් බදු පැනවූවද, ඊට පෙරම විශාල…

Read More
Back To Top