සරම්ප රෝගීන් දෙදෙනෙක් කොළඹින් හමුවෙයි – අනිවාර්යයෙන් එන්නත් ලබාගන්නැයි උපදෙස්

මෙරට වසර කිහිපයක් තුරන්කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවා තිබෙන බව වෛද්‍ය අංශ පවසයි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ රෝගය වැළදුණු ළමුන් දෙදෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් බවය. එබැවින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් දරුවන්ට හැකි ඉක්මනින් එම එන්නත් විධිමත්ව ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙයි. ශ්‍රී ලංකාව සරම්ප රෝගය සහමුලින්ම තුරන්…

Read More

වාහන අංක තහඩු මැයි අග සිට – හිමිකරුගේ නම යෙදූ අංක තහඩුත් දෙන්න සැරසෙයි

නව රථ වාහන සඳහා සම්මත ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීම මෙම වසරේ මැයි මාසයේ අග සිට සිදුකළ හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මේ බව සඳහන් කෙරුණේ එම ආයතනයේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී ය. එමෙන්ම වාහන හිමිකරුගේ නම සඳහන් කරමින් ලියාපදිංචි අංක තහඩුවක් ලබාගැනීමේ ක්‍රමවේදය ද කඩිනමින් ක්‍රියාත්මක කරන බව…

Read More

හැකර්වරුන් ඊමේල් එක ඔස්සේ පද්ධතියට ඇතුළු වෙලා.. – මුදල් අමාත්‍යාංශ ලේකම්

සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක  මුදලෙන් හැකි ප්‍රමාණයක් යළි ලබාගැනීමට උත්සහ කරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙම හැකර්වරුන් ඊමේල් හරහා අදාළ පද්ධතියට පිවිස ඇති බව ද අමාත්‍යංශ ලේකම්වරයා අවධාරණය කළේය. මෙම සිදුවීම සම්බන්ධයෙන්…

Read More

මුළු කැබිනෙට්ටුවම ගෙදර යා යුතුයි

(අංජුල මහික වීරරත්න) ගල් අඟුරු වංචාවේ වගකීම බාරගෙන මුළු කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්විය යුතු බව මහාචාර්ය ජී.එල් පීරිස්  මහතා මාධ්‍ය හමුවකදී අද (23) පැවසීය. බලශක්ති ඇමතිවරයා පමණක් ඉල්ලා අස්වීමෙන් පලක් නැති බව කී පීරිස් මහතා බලශක්ති ඇමති යනු අත කොලුවක් පමණක් බවද පැවසීය. කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී….

Read More

රාජ්‍ය බුද්ධි සේවයේ පී.සී. අයිස් එක්ක මට්ටු

(ගයාන් සූරියආරච්චි) අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් රාජ්‍ය බුද්ධි සේවාවාට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු මීගහවත්ත, ගල්වෙල්ල පාලම අසලදී ඊයේ (22) අත්අඩංගුවට ගත්බව මීගහතැන්න පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුදුවත්ත රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්ත 28 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි. සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 98 ක් තිබියදී පොලිසිය සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. මීගහතැන්න…

Read More

උපයපු හැටි කියන්න පුළුවන් නම් දේශපාලඥයන්ට දේපල තිබීම ගැටළුවක් නෑ…

දේශපාලනඥයන් සතු වත්කම් සහ දේපළ උපයාගත් ආකාරය නිසි ලෙස හෙළිදරව් කළ හැකිනම් ඒවා පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. සෑම දේශපාලනඥයෙකුම තමන් සතු සැබෑ වත්කම් සහ බැරකම් හෙළිදරව් කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා, එමගින් අදාළ දේපළ සාධාරණ ලෙස උපයාගත් ඒවාද යන්න තීරණය කිරීමට මහජනතාවට අවස්ථාව ලැබෙන බව පෙන්වා දුන්නේය….

Read More

පා ගමනේ ආ හිමි නමක් රෝගී වෙයි

“ඒහිපස්සිකෝ” සාම පා ගමන සඳහා සහභාගී වෙමින් සිටි ඇමරිකානු භික්ෂූන් වහන්සේ නමක් හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව මාතලේ දිස්ත්‍රික් මහා රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි. මෙම සාම පා ගමන (22) දින උදෑසන දඹුල්ල නගරයෙන් ආරම්භ වූ අතර මේ සඳහා සහභාගී වූ ඇමරිකානු ජාතික භික්ෂුවක් වයස…

Read More

මෙරට සර්වඥ ධාතූන් වහන්සේලා අමෙරිකාවට

මෙරට බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට හා වන්දනාමානයට පාත්‍ර වී ඇති ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා කිහිපනමක්, අමෙරිකාවේ ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවා වන්දනාමාන කිරීම හා ප්‍රදර්ශනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ක්‍රි.පූ. 1-2 සියවස්වලට අයත් අම්පාර, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති නීලගිරි ස්ථූප කැනීමෙන් අනාවරණ කර ගත් ධාතුන් වහන්සේලා,…

Read More

පී.සී වෙඩි තබා ඝාතනය කළැයි වසර18 කට පසු මරණ දඩුවම

(එම්.සුසිල් පියන්ත) වැටලීමකට ගිය බද්දෙගම පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙක් වෙඩි තබා ඝාතනය කළේ යයි චෝදනා ලැබූ විත්තිකරුවන් සිව් දෙනාගෙන් සිව් වැනි විත්තිකරුට මරණ දඩුවමත් අනෙක් විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කරන ලෙසත් වසර 18 ක දීර්ඝ නඩු විභගයකින් අනතුරුව  බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා අද(22) පස්වරුවේදී නියෝග කළේය. මෙසේ මරණ දඩුවම ලබාදෙන ලෙස නියෝග කෙරුණේ…

Read More

පොලිසියේ දිනක වැටුප රට නගන්න දෙයි

(අංජුල මහික වීරරත්න) දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජීවිත නගාසිටුවීමට සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැගීම සඳහා ආරම්භ කළ ‘Rebuilding Sri Lanka’ අරමුදලට පොලිස් නිලධාරින් විසින් සිය දිනක වැටුපෙන් රුපියල් 9,687,462ක මුදලක් පරිත්‍යාග කරන ලදී. මේ වන විට අවස්ථා තුනකදී පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දිනක වැටුපෙන් රුපියල් මිලියන 74ට අධික මුදලක් ‘Rebuilding Sri Lanka’…

Read More
Back To Top