යට ඇදුමෙ හිල් කිවුවට කෝටිපතියෝ..

තම යට ඇඳුම්වල හිල් ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රසිද්ධ වේදිකාවක ප්‍රකාශ කළ බව හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක පවසයි. එසේ කියූ මැති ඇමතිවරුන්ගේ බැංකු ගිණුම්වල විශාල වශයෙන් මුදල් ඇතැයිද ඔවුන් සතුව විශාල වටිනාකමක් සහිත දේපළ ඇතැයිද ඔහු පෙන්වා දෙයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මේ බව කීය.

Read More

සැප රියේ යතුරුපැදියක් ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට

සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රධාන මාර්ගයේ එකේ කණුව ප්‍රදේශයේ දී යතුරුපැදියක් සුඛෝපභෝගි ජීප් රථයක ගැටී මාරක අනතුරක් සිදු වී තිබේ. අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු බරපතළ තුවාල ලබා ඇති අතර, රෝහල් ගත කිරීමෙන් අනතුරුව එක් අයෙක් මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, 27 හැවිරිදි පහේ කණුව සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

Read More

අගමැති ලේකම්ගේ සැමියා ලෙස පෙනී සිට පාසලකට සිසුන් දෙදෙනෙකු ඇතුළත් කර ගැනීමට උත්සාහ කළ අයෙක් කොටු

(ගයාන් සූරිය ආරච්චි) අගමැතිනි හරිනි අමරසූරිය මෙනවියගේ පෞද්ගලික ලේකම්ගේ සැමියා ලෙස පෙනී සිටිමින් බොරැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකට සිසුන් දෙදෙනෙකු ඇතුළත් කර ගැනීමට උත්සාහ කළ සැකකරුවෙකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර්වරයෙකු ලෙස පෙනි…

Read More

මවකට මහමඟදී අමානුෂිකව පහරදුන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වූ, මවකට මහමඟදී පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු ගොකරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පසුගිය අප්‍රේල් 16 වන දින ගොකරැල්ල, මැදලන්ද ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති බවය. එය වීඩියෝ ගත කළ පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් සමඟ සිද්ධිය පිළිබඳව රටේම අවධානය යොමු…

Read More

ත්‍රස්ත පනත සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න රාසමාණික්කම්ගෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

(සුජිත් හේවාජුලිගේ) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇත. මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා විසිනි ත්‍රස්තවාදයට සම්බන්ධ වැරදි සඳහා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරීමට හැකියාව තිබෙන හෙයින් පුළුල් බලතල සහිත ස්ථිර ත්‍රස්ත විරෝධී නීතියක් රටට කිසිසේත්ම අවශ්‍ය නොවන බව…

Read More

ඔත්තේ රියදුරුට ඉරට්ටේ දවසේ තෙල් දෙන්න බෑ කියපු පොම්පකරුට කනේ පහරක්

කැස්බෑව – බණ්ඩාරගම මාර්ගයේ ඉන්ධන හලකට පැමිණි මෝටර් රථයකට ඉන්ධන ලබා නොදුන්නැයි උරණවී එහි පොම්පකරුට අදාළ මෝටර්රථයේ රියදුරු කම්මුලට පහරදීමක් සම්බන්ධයෙන් කැස්බෑව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව කැස්බෑව පොලීසිය පවසයි. අද (22) දින ක්‍රියාත්මක වන ලියාපදිංචි අංක තහඩුවේ ඉරට්ටේ සංඛ්‍යාවට ප්‍රතිවිරුද්ධ ඔත්තේ සංඛ්‍යාව හිමි එම වාහනයට ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම පහර දීම සිදුකළ…

Read More

පාස්කු විමර්ශන ඉක්මනින් අවසන් කරනවා – ඇමති විජේපාල

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන තවත් කෙටි කාලයක් තුළ සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම විමර්ශන මේ වනවිට සාර්ථකව ඉදිරියට ගොස් යම් ප්‍රගතියක් අත්කරගෙන ඇති බවය. එමෙන්ම, ඉදිරියටත් විමර්ශන නිවැරදිව සිදු කිරීම සඳහා පොලීසිය සහ…

Read More

ශ්‍රී ලංකාවට දැවැන්ත ඖෂධ හිඟයක අවදානමක් – SLCPI

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ සැපයුම බරපතළ අනතුරකට ලක්ව ඇති බවත්, එය වළක්වා ගැනීමට වහාම ප්‍රායෝගික පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) රජයෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. ගෝලීය සහ දේශීය ආර්ථික සාධක රැසක් හේතුවෙන් ඖෂධ සැපයුම් දාමය මත එල්ල වී ඇති පීඩනය තවදුරටත් දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බව එම…

Read More

එකෙකුට ෂොට් එක දීලා තියෙන්නේ.. ඉතුරු එවුනුත් පරිස්සමින් ඉඳපල්ලා..- ඇමති ලාල් කාන්ත

තමන් අහගෙන සිට නිසි වෙලාවට “ෂොට් එක” ලබා දෙන බවත්, දැනටමත් එක් අයෙකුට එලෙස ලබා දී ඇති බැවින් සෙසු පිරිස ද පරිස්සමෙන් පසුවිය යුතු බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. ජන හමුවක් අමතමින් ඒ මහතා අවධාරණය කළේ විරුද්ධවාදීන් සහ මාධ්‍ය ලෝකය ද ඇතුළුව සෑම තැනකම තමන්ට විරුද්ධ පිරිස් සිටින බවයි   පවතින ද්වේශ පාලනය වෙනස් කිරීම සඳහා…

Read More

මාලිමාවේ ඉන්නෙ හිගන්නො නොවෙයි.. ලාල් කාන්ත සිටුවරයෙක් වීම ගැන සතුටුයි..- මන්ත‍්‍රී සුරවීර

ජාතික ජන බලවේගය නියෝජනය කරන දේශපාලනඥයන් යනු කිසිදු වත්කමක් හෝ නිවසක් නොමැති අන්ත අසරණ පිරිසක් ලෙස සමාජය තුළ පවතින විශ්වාසය මුළුමනින්ම සාවද්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ප්‍රකාශ කරයි. මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අමාත්‍ය ලාල් කාන්ත මහතා වටා ඇති “සිටුවරයෙකු” වැනි ප්‍රතිරූපය පිළිබඳව තමන්ට ගැටලුවක් නොමැති බවයි. ජාතික ජන බලවේගය යනු…

Read More
Back To Top