ගොඩක් මහන්සි වෙලා කැප කිරීම් ගොඩක් කරලා, මානසිකව බිඳ වැටීම් වුණ අවස්ථා ගොඩක් එක්ක ආවෙ
විටෙක ඈ “පාරාදීසේ” ටෙලි නිර්මාණයේ චංචලා හෙවත් චංචිය. තවත් විටෙක “පිරිමි ළමයි” ටෙලි නිර්මාණයේ කෙසෙල් කැනක් උස්සන් දුවන නෝරාය. මෙසේ එකිනෙකට වෙනස් චරිතවලට පණ පොවමින් පුංචි තිරයේ ප්රේක්ෂක ආදරය දිනාගත් දිනක්ෂි ප්රියසාද් සමඟයි මේ කතාබහ. මේ දවස්වල කෙසෙල් කැනක් උස්සන් දුවන නෝරා ගොඩක් ජනප්රියයි නේද? ඔව් ඇත්තටම. ශිවගුරුනාදන් මහත්මයගෙ අධ්යක්ෂණයකින් සහ සද්ධාමංගල අයියගෙ තිර රචනයකින්…
