රාජ්‍ය බුද්ධි සේවයේ පී.සී. අයිස් එක්ක මට්ටු

(ගයාන් සූරියආරච්චි) අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් රාජ්‍ය බුද්ධි සේවාවාට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු මීගහවත්ත, ගල්වෙල්ල පාලම අසලදී ඊයේ (22) අත්අඩංගුවට ගත්බව මීගහතැන්න පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුදුවත්ත රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්ත 28 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි. සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 98 ක් තිබියදී පොලිසිය සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. මීගහතැන්න…

Read More

උපයපු හැටි කියන්න පුළුවන් නම් දේශපාලඥයන්ට දේපල තිබීම ගැටළුවක් නෑ…

දේශපාලනඥයන් සතු වත්කම් සහ දේපළ උපයාගත් ආකාරය නිසි ලෙස හෙළිදරව් කළ හැකිනම් ඒවා පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. සෑම දේශපාලනඥයෙකුම තමන් සතු සැබෑ වත්කම් සහ බැරකම් හෙළිදරව් කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා, එමගින් අදාළ දේපළ සාධාරණ ලෙස උපයාගත් ඒවාද යන්න තීරණය කිරීමට මහජනතාවට අවස්ථාව ලැබෙන බව පෙන්වා දුන්නේය….

Read More

ණය ගෙවන්න තිබිච්ච සල්ලි ගියේ කාගේ ගිණුමටද?

ණය ගෙවන්නට තිබූ ඩොලර් මිලියන 2.5ක් ගියේ කාගේ ගිණුමකටද යැයි ජනාධිපතිවරයා කිව යුතු බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. කන්ටේනර් 323  වගේම ගල් අඟුරු වංචාව වගේම මේ මුදල් අමාත්‍යාංශය හොර ගිණුමකට ගියා දැයි නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේය. විදේශ රටකට ණයක් ලෙස ගෙවූ ඇමරිකා ඩොලර් ලක්ෂ 25ක් පරිගණක  හැකර්කරුවකුගේ ග්‍රහණයට…

Read More

පා ගමනේ ආ හිමි නමක් රෝගී වෙයි

“ඒහිපස්සිකෝ” සාම පා ගමන සඳහා සහභාගී වෙමින් සිටි ඇමරිකානු භික්ෂූන් වහන්සේ නමක් හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව මාතලේ දිස්ත්‍රික් මහා රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි. මෙම සාම පා ගමන (22) දින උදෑසන දඹුල්ල නගරයෙන් ආරම්භ වූ අතර මේ සඳහා සහභාගී වූ ඇමරිකානු ජාතික භික්ෂුවක් වයස…

Read More

සූර්යාගේ කරුප්පු සිනමා කට්ටලයේදී සිදුවූ අදහාගත නොහැකි මරණය!

මුළු මහත් දකුණු ඉන්දියාවම වගේම ලංකාවත් බලාගෙන ඉන්න සුපිරි නළු සූර්යාගේ (Suriya) අලුත්ම සිනමා පටය වන “කරුප්පු” (Karuppu) හි රූගත කිරීම් ඊයේ රාත්‍රියේ කොළඹදී ආරම්භ වුණේ ඉතාමත් උද්යෝගිමත් විදිහටයි. හැබැයි ඒ උද්යෝගය සහ සතුට නිමේෂයකින් මහා ශෝකයකට පෙරලුණේ කිසිවෙකුත් නොසිතූ අයුරින් ශ්‍රී ලාංකික නළුවෙකු රූගත කිරීම් අතරතුරදීම දිවියෙන් සමුගැනීමත් සමඟයි. ඊයේ රාත්‍රියේ කොළඹ BMICH පරිශ්‍රය…

Read More

මෙරට සර්වඥ ධාතූන් වහන්සේලා අමෙරිකාවට

මෙරට බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට හා වන්දනාමානයට පාත්‍ර වී ඇති ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා කිහිපනමක්, අමෙරිකාවේ ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවා වන්දනාමාන කිරීම හා ප්‍රදර්ශනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ක්‍රි.පූ. 1-2 සියවස්වලට අයත් අම්පාර, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති නීලගිරි ස්ථූප කැනීමෙන් අනාවරණ කර ගත් ධාතුන් වහන්සේලා,…

Read More

පී.සී වෙඩි තබා ඝාතනය කළැයි වසර18 කට පසු මරණ දඩුවම

(එම්.සුසිල් පියන්ත) වැටලීමකට ගිය බද්දෙගම පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙක් වෙඩි තබා ඝාතනය කළේ යයි චෝදනා ලැබූ විත්තිකරුවන් සිව් දෙනාගෙන් සිව් වැනි විත්තිකරුට මරණ දඩුවමත් අනෙක් විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කරන ලෙසත් වසර 18 ක දීර්ඝ නඩු විභගයකින් අනතුරුව  බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා අද(22) පස්වරුවේදී නියෝග කළේය. මෙසේ මරණ දඩුවම ලබාදෙන ලෙස නියෝග කෙරුණේ…

Read More

පොලිසියේ දිනක වැටුප රට නගන්න දෙයි

(අංජුල මහික වීරරත්න) දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජීවිත නගාසිටුවීමට සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැගීම සඳහා ආරම්භ කළ ‘Rebuilding Sri Lanka’ අරමුදලට පොලිස් නිලධාරින් විසින් සිය දිනක වැටුපෙන් රුපියල් 9,687,462ක මුදලක් පරිත්‍යාග කරන ලදී. මේ වන විට අවස්ථා තුනකදී පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දිනක වැටුපෙන් රුපියල් මිලියන 74ට අධික මුදලක් ‘Rebuilding Sri Lanka’…

Read More

යට ඇදුමෙ හිල් කිවුවට කෝටිපතියෝ..

තම යට ඇඳුම්වල හිල් ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රසිද්ධ වේදිකාවක ප්‍රකාශ කළ බව හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක පවසයි. එසේ කියූ මැති ඇමතිවරුන්ගේ බැංකු ගිණුම්වල විශාල වශයෙන් මුදල් ඇතැයිද ඔවුන් සතුව විශාල වටිනාකමක් සහිත දේපළ ඇතැයිද ඔහු පෙන්වා දෙයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මේ බව කීය.

Read More

බෝම්බ බියෙන් පණ එපා කියා දිවූ තලපති විජේ හොලෝග්‍රෑම් තාක්ෂණයෙන් ජනතාව අමතයි

ඉදිරි තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කරගනිමින්, දකුණු ඉන්දීය සුපිරි නළු විජේගේ නායකත්වයෙන් යුත් Tamilaga Vettri Kazhagam (TVK) පක්ෂය මැතිවරණ ප්‍රචාරණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළා තිබේ. ඒ, අපේක්ෂකයා භෞතිකව පෙනී නොසිටියද, ත්‍රිමාණ හොලෝග්‍රෑම් (3D Hologram) තාක්ෂණය මගින් ජනතාව ඇමතීමේ අති නවීන වැඩපිළිවෙලක් ආරම්භ කරමිනි. තලපති විජේ සිය දේශපාලන ගමන ආරම්භ කිරීමත් සමඟ ඔහුව දැකබලා ගැනීමට සෑම…

Read More
Back To Top