ගිලෙන්නට ගිය විදෙස් යුවල බේරාගත් අපේ පොලිස් ජීවිතාරක්ෂක දෙවිවරු
හික්කඩුව පොලිස් වසමේ රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් පස් දෙනෙකු විසින් මුහුදේ ගසාගෙන යමින් සිටි රුසියානු ජාතික සංචාරක යුවළක් සාර්ථකව බේරා ගැනීමට කටයුතු කර ඇත. මෙම සිද්ධිය 2025 අප්රේල් 15 වන දින සවස් කාලයේ හික්කඩුව වරාය අසල මහජන වෙරළ තීරයේදී සිදු වී ඇති අතර, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්ගේ කඩිනම් මැදිහත්වීම නිසා සංචාරක යුවළගේ ජීවිත…
