මෙරට පිරිමි රට යන එක ඉහළ ගිහින්

2024 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, මේ වන විට එම ප්‍රමාණය 300,162 ක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

පසුගිය වසර 10 ක කාලයකදී ශ්‍රමිකයින් ලක්ෂ 3ක ප්‍රමාණය ඉක්මවා ගිය දෙවන අවස්ථාව මෙයයි.

මීට පෙර 2022 වර්ෂයේදී ශ්‍රමිකයින් 310,948 ක් රැකියා සඳහා විදේශ ගත වී තිබෙනවා.

එසේම, 2024 වර්ෂයේ පිරිමි ශ්‍රමිකයින් 177,804 හා කාන්තාවන් 122,358 ක් රැකියා සඳහා විදේශ ගතවී තිබෙනවා.

අදාළ කාලය තුළ විදේශ ගතවූ මුළු සංඛ්‍යාවෙන් කාන්තාවන් රැකියා සඳහා විදේශ ගතවීම සියයට 40.7ක් වන අතර, පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම මුළු සංඛ්‍යාවෙන් සියයට 60 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවද , මෙම කාලය තුළ ස්වයං මාර්ගයෙන් විදේශ ගතවූ ප්‍රමාණය 184,140 ක් වන අතර, විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් 116,022 දෙනෙකු විදේශ ගතවී තිබෙනවා.

ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ, කුවේට් රාජ්‍යයටයි. එම ප්‍රමාණය 73,995 කි. දෙවනුව වැඩි වශයෙන් විදේශ ගතවී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 49,499 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top