පාසල් බිමේ තිබූ හමුවූ කුඩා බෝලයක් වැනි යමක් පිපිරීමෙන් සිසුන් පිරිසක් රෝහලේ

ඇල්පිටිය, ප්‍රාථමික පාසලක සිසුන් පිරිසක් පාසල් බිමේ තිබී අහුලාගත් කුඩා බෝලයක් වැනි දෙයක් පුපුරා යෑමෙන් සිසුන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළා.

ආරංචි මාර්ග පවසන්නේ, ඊයේ (15) දහවල් පාසල් විවේක කාලයෙන් පසුව බෝලයක් වැනි දෙයක් පන්ති කාමරයක් තුළදී සිසුවෙකු විසින් බිමට ගැසූ අවස්ථාවේ එය මහ හඬක් නගමින් පුපුරා ගිය බවයි.

එහිදී මෙය පුපුරා ගිය අවස්ථාවේ අසල සිටි සිසුවියක හා සිසුවෙකුගේ පාදවලට සුළු සීරීම් තුවාලයක් පමණක් සිදුව තිබූ බවද පොලීසිය කියා සිටියා.

පාසලේ විදුහල්පතිවරයාගේ දැනුම් දීම අනුව ඇල්පිටිය කොට්ඨාස අපරාධ ස්ථාන විමර්ශන අංශයේ නිලධාරීන් සමග කරන්දෙනිය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටින බවද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top