කොළඹ වරාය භූමියේ මේ වන තෙක් සිදු කර ඇති කැනීම්වලින් පුද්ගලයින් 16 දෙනෙකුගේ ඇටසැකිලි හදුනාගෙන ඇති බවත්, හදුනාගත් ඇටසැකිලි අතර, දරුවන් දෙදෙනෙකුගේ ඇටසැකිලි ද තිබෙන බවත් එහි කැණීම් මෙහෙයවන පුරාවිද්‍යාඥ මහාචාර්ය රාඡ් සෝමදේව පවසනවා.
ඔහු කියා සිටියේ, මෙම සමූහ මිනීවල ක්‍රමවත් සුසාන භූමියක් නොවන අතර විද්‍යාත්මකව පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙහි කාල නීර්ණය සිදුකළ හැකි බවයි.
හඳුනාගත් ඇතැම් ඇටසැකිලිවල සැලකිය යුතු ප්‍රමාණයක් පවතින්නේ කැඩී බිදී ගිය කොටස් බවද වාර්තා වනවා.
එමෙන්ම හදුනාගත් කුඩා දරුවාගේ අතේහි සැකිල්ලෙහි තඹ මිශ්‍ර යම් දෙයක් ඇති බවටද හදුනාගෙන තිබෙනවා.
