ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව පැවති අරගලය ක්‍රියාත්මක වූ සමයේ නිවාස හා දේපළවලට ගිනි තැබීමෙන් සිදුවූ හානිවලට පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ලබා ගත් වන්දි ප්‍රමාණයන් පිළිබඳව අද (පෙබ:06) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස එහිදී මැති ඇමැතිවරුන්ට ලබා දුන් වන්දි මුදල මන්ත්‍රීවරුන්ගේ නම් ද සඳහන් කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
ඔහුගේ අනාවරණය අනුව මන්ත්‍රීවරුන් 43 දෙනෙකුට ලබා දී ඇති සම්පූර්ණ වන්දි මුදල රුපියල් කෝටි 122.41කි.
“මෙන්න මෙහෙම තමයි බලය පාවිච්චි කරලා මේ අය වන්දි ලබා ගත්ත ආකාරය. ගොවියෙකුට වගාවකට හානියක් වුණොත්, ගංවතුරට ගේ අහුවෙලා කෑල්ලක් කැඩිලා ගියොත් වන්දියක් ගන්න කොච්චර අමාරු ද ප්‍රදේශීය ලේකම් කාර්යාලයෙන්, දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයෙන්. නමුත් මේ අය රජයේ නිලධාරීන්ටත් බලපෑම් කරලා, මේ ගත්ත වන්දි ප්‍රමාණය,” යැයි නලින්ද ජයතිස්ස ඇමතිවරයා මන්ත්‍රී ලැයිස්තුව අනාවරණය කරමින් පැවසීය.
වැඩි ම වන්දිය ලැබුණේ කාට ද? වන්දි ගත් මන්ත්‍රීවරුන් මෙන්න
නලින්ද ජයතිස්ස ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලැයිස්තුව අනුව වැඩි ම වන්දි මුදල ලබා ගෙන ඇත්තේ, හිටපු අමාත්‍ය කෙහෙළිව රඹුක්වැල්ල ය. එම මුදල රුපියල් ලක්ෂ 995කි.
අමාත්‍යවරයා හෙළි කරන ලද ලැයිස්තුව පහත පරිදි ය.
1. කපිල නුවන් අතුකෝරළ – රු. 504,000.00
2. විමලවීර දිසානායක – රු. 550,000.00
3. ගීතා කුමාරසිංහ – රු. 972,000.00
4. ජනක තිස්ස කුට්ටිආරච්චි – රු. 1,143,000.00
5. ගුණපාල රත්නසේකර – රු. 1,412,780.00
6. ප්‍රේමනාත් සී. දොළවත්ත – රු. 2,300,000.00
7. ප්‍රියංකර ජයරත්න – රු. 2,348,000.00
8. සම්පත් අතුකෝරළ – රු. 2,540,610.00
9. ජයන්ත කැටගොඩ – රු. 2,814,800.00
10. විමල් විරවංශ – රු. 2,954,000.00
11. මහාචාර්ය චන්න ජයසුමන – රු. 3,334,000.00
12. අකිල එල්ලාවල – රු. 3,554,250.00
13. චමල් රාජපක්ෂ – රු. 6,539,374.00
14. චන්දිම වීරක්කොඩි – රු.6,948,800.00
15. අසෝක ප්‍රියන්ත – රු. 7,295,000.00
16. සමන්ප්‍රිය හේරත් – රු. 10,520,000.00
17. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රු. 10,550,000.00
18. රෝහිත අබේගුණවර්ධන – රු. 11,640,000.00
19. විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ – රු. 13,780,000.00
20. සහන් ප්‍රදීප් – රු. 17,130,000.00
21. ෂෙහාන් සේමසිංහ – රු. 18,510,000.00
22. ඉන්දික අනුරුද්ධ – රු. 19,550,000.00
23. මිලාන් ජයතිලක – රු. 22,300,000.00
24. දොස්තර රමේෂ් පතිරණ – රු. 28,100,000.00
25. දුමින්ද දිසානායක – රු. 28,800,000.00
26. කණක හේරත් – රු. 29,200,000.00
27. ඩී.බි. හේරත් – රු. 32,100,000.00
28. ප්‍රසන්න රණවිර – රු. 32,700,000.00
29. ඩබ්ලිව්. ඩී. වීරසිංහ – රු. 37,200,000.00
30. ශාන්ත බණ්ඩාර – රු. 39,100,000.00
31. එස්.එම්. චන්ද්‍රසේන – රු. 43,800,000.00
32. සනත් නිශාන්ත – රු. 42,700,000.00
33. සිරිපාල ගම්ලත් – රු. 50,900,000.00
34. අරුන්දික ප්‍රනාන්දු – රු. 55,200,000.00
35. සුමිත් උඩුකුඹුර – රු. 55,900,000.00
36. ප්‍රසන්න රණතුංග – රු. 56,100,000.00
37. කෝකිලා ගුණවර්ධන – රු. 58,700,000.00
38. මොහාන් පී. ද සිල්වා – රු. 60,100,000.00
39. නිමල් ලන්සා – රු. 69,200,000.00
40. අලි සබ්‍රි රහීම් – රු. 70,900,000.00
41. ගාමිණි ලොකුගේ – රු. 74,900,000.00
42. ජොන්ස්ටන් ප්‍රනාන්දු – රු. 93,400,000.00
43. කෙහෙළිය රඹුක්වැල්ල – රු. 95,900,000.00
